2020 ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ තරඟයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ෆාතිමා ශෙරීන් දැරියට from Ibnu Saheer's blog

කල්මූනේ මහ්මුද් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන සිසුවිය වන ෆාතිමා ශෙරීන් ඉනාමුල්ලා ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ තරඟයේ රන් පදක්කම දිනා ගෙන ශ්‍රී ලංකා මාතාවට ආඩම්බරයක් ගෙනදී ඇත.


ඉන්දුනීසියාවේ ජාවාබ් විශ්ව විද්‍යාලයේ 2020/01/13 සිට 16 දක්වා පැවති මෙම තරඟයට සහභාගී වූ රටවල් 24 ක් අතුරින් ශ්‍රී ලංකා නියෝජනය කල ඇය ප්‍රථම ස්ථානය හිමි කරගනිමින් රන් සම්මානය දිනා ගත්තේය. ජාත්‍යන්තර ජයගත් ඇය මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම ජාතික මට්ටමින් තම කුසලතාවයන් ඉහලින්ම පෙන්වා ඇති බවත් මෙහි සදහන් කලයුතුම කාරණයකි.


කෙසේ වෙතත් මෙහි කණගාටුවට කාරණයක්ද ඇත. එනම්, මේ රටේ ඕනෑම පහත් ක්‍රියාවකට හා එවැනි කටයුතුවල නියෙලෙන පුද්ගලයින්ට පුළුල් ප්‍රචාරයන් ලබාදෙන ජාතික මාධ්‍යයන් මේ රටට අභිමානයක් ගෙනදුන් ඇය සම්බන්ධයෙන් කොතරම් කථා කලාද? යන්නයි. මෙහි වරද කොතැනද?, යන්න තීන්දු කිරීම බුද්ධිමත් ඔබට ම බාර කරමින් ෆාතිමා ශෙරීන් දැරියට යහමග සුභපැතුම් එක් කරමින් මේ සටහන අවසන් කරමි.


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

Ibnu Saheer
Jan 22 '20
ෆාතිමා ශෙරීන් දැරියට යහමග සුභපැතුම්
You need to sign in to comment

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics