User blogs

Tag search results for: "මුස්ලීම්"
Ibnu Saheer

පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ පීඩාවන්ට හා මර්දනයට ලක්ව සිටියේය. 

 

කැලිකට්හි සමෝරින් රජු සහ මුහම්මද් කුන්ජලි මරක්කාර්ගේ නාවික හමුදාව පෘතුගීසීන්ට එරෙහිව  සිංහල රජවරුන්ට උදව් කලේය .

 

 1518දී සිංහලයන් සහ මුස්ලිම්වරුන් එක්ව පෘතුගීසි කොටුවට පහර දුන්නේය ඉන් කෝපයට පත් පෘතුගීසීන් කොළඹ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක් ගිනිබත් කලේය ,

1552දී පෘතුගීසීන්ගේ ඉල්ලීමකට අනුව කෝට්ටේ රජකළ හත් වන බුවෙනකබාහු රජතුමා කෝට්ටේ රාජධානියෙන් මුස්ලිම්වරුන්ව පන්නා දැමුවේය,ඉන්පසු ඔවුන් මායාදුන්නේ රජතුමාගේ සීතාවක රාජධානියේ පදිංචි විය.... more

Admin

මේ දිග හැරෙන්නේ ලංකා ඉතිහාසයේ තවත් එක් චරිත කතාවකි . ඔටුනු පළන් කුමාරවරුන්ට ඔටුනු පළන් කුමාරියන්ට රාජ්‍යත්වය හිමි වෙන්නට ඇත. සැප සම්පත් ඇතුළු රජ මාළිගා හිමි වෙන්නට ඇත. දැසි දස්සන් පිරිවරා ඉන්නට ඇත. එහෙත් , ඔවුන් ද ඇතැම් දිනෙක ශෝකෙන් බරිත වන්නට ඇත. ඔවුන්ගේ ඒ ශෝකී ජනක පුවත ද අපි ඔබ වෙනුවෙන් මෙසේ දිග හරින්නෙමු.


සිංහල රජ පෙළපතේ අවසන් රජු වූයේ ක්‍රි.ව. 1707 සිට 1739 දක්වා කන්ද උඩරට රාජ්‍යයේ රජ කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ය. දෙවැනි විමලධර්මසූර්ය රජුගේ පුත්‍රයා වූ හෙතෙම “කුණ්ඩසාලේ රජ්ජුරුවෝ” නමින් ද හැඳින්විණි. ඊට හේතු වූයේ ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් කුණ්ඩසාලේ රජ මාළිගයෙහි ගතවීම ය. නරේන්ද්‍රසිංහ රජුට ඉතිහාසයේ විශේෂ තැනක් හිමි වනුයේ ඔහු සිංහල රාජ වංශයේ අවසන් රජු වීම නිසා ම පමණක් නො වේ. විවාදයට බඳුන් ව ඇති දස්කොන් කතා පුවත නිසා ද ඔහුට ඉතිහාසයේ විශේෂ තැනක් හිමි වෙයි. දස්කොන් අදිකාරම් තැන සමඟ රහස් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ සුමිත්‍රා බිසව නරේන්ද්‍රසිංහ රජුගේ අගමෙහෙසිය ය. එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් දංගෙඩියට හිස දීමට දස්කොන්ට සිදු විය.


... more

Admin

යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න පවසනවා නම්, මෙවැනි එක් සංවිධානයක් වටා ඒකරාශි වී සිටීම අනිවාර්‍ය යයි මුස්ලීම් සමාජය සිතන තරමටම මෙම කල්ලිවාදය මුස්ලීම් සමාජයේ ඔඩුදුවා ඔවුන්ගේ මනස විකෘති කොට ඇත. නමුත් මෙවැනි සංවිධාන (නොහොත් කල්ලි) හා ඔවුන්ගේ ප්‍රතිපත්ති හොදින් හා බුද්ධිමත්ව විමසා බැලීමේ දී පෙනීයන්නේ මේවා බොහෝමයක පදනම ආගමික කාරණයන්ට වඩා ලෞකික කාරණයන් බවයි. 


... more

Ibnu Saheer

වත්මන් ලෝකය දෙස බලනවිට බොහෝ ජාතීන් යහපත් සිතුවිලි, සාරධර්ම තමන් තුල වර්ධනය කරගනිමින් සහෝදරත්වයෙන් කටයුතු කිරීමටත් දියුණු මිනිස් ගුණාංග වර්ධනය කරගැනීමටත් උනන්දුවක් උද්යෝගයක් දක්වන ආකාරයක් අද දක්නට ඇත. නමුත් අවාසනාවන්ත ලෙස සමහරක් රටවල් හා එහි ජන කොට්ඨාශයන් අතීත පුරසාරම් පුරාජේරු තෙපලමින් ගල් යුගයත්, ගෝත්‍රවාදයත් ආවැඩීම  පමණක් නොව එම ගෝත්‍රවාදී ලක්ෂණයන් වර්ධනය කරගනිමින් සිටින ආකාරයක් දකින්නට ඇත. නිදසුනක් ලෙස අප රටේ ජාතිවාදී ඊනියා බෞද්ධ හා හින්දුවාදීන්ගේ ක්‍රියාකලාපයන් මෙහි සදහන් කලහැක. අප රටේ පමණක් නොව අප ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම තත්වයේ සීග්‍ර වර්ධනයක් දක්නට ඇත. මනුෂ්‍යත්වය වෙනුවට  ජාතිවාදය, කුලවාදය මනුෂ්‍ය හදවත් තුල වපුරමින් වෛරය වියරුව ආදේශ කොට ජාතීන් අතර විරසකයන් නිර්මාණය කරන මෙම ගෝත්‍රවාදය අප රට තුල කොතරම් දුරකට ඔඩුදුවා ඇත්ද යන්න සාකච්විචා කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. මෙහිදී මා ඉදිරිපත් කරුණූ කාරණා බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මා පවසන මෙම තත්වය අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. 

... more

Ibnu Saheer

වත්මන් ශ්‍රී ලංකාවේ මැලේවරුන්ගේ ආදිතම මුතුන්මිත්තන්ගේ මුල් ආගමනය සිදු වූයේ දහහත්වැනි සියවසේ අගභාගයේදීය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි පාලන බලය පිහිටුවා ගැනීමෙන් පසු එම පාලන කාලය තුළ ඉන්දුනීසියානු දූපත්වලට අයත් රටවල වැසියන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ බව පුරාණ ලන්දේසි ලේඛනවල සඳහන්ව තිබේ.
... more

Ibnu Saheer

මුස්ලීම් සමාජයේ ආගමික බෙදීම් පිලිබදව කථා කරන විට ශියාවරුන් මෙන්ම ලොව ප්‍රධාන තවත් බෙදීමක් වන්නේ අහ්මදියා හෙවත් කාදියානිවරුන්ය.  ඒ අනුව අද දවසේ ‘යහමග’ අඩවිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරන්නේ  ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් යයි පවසා ගන්නා තවත් නිකායක් හෙවත් ආගමික කල්ලියක් පිලිබදවයි. ශීයාවරුන් මෙන්ම විටෙක ඊටත් වඩා සංවිධානාත්මක ලෙස හා සූක්ෂම සැලසුම් සහිතව ක්‍රියාත්මක වන මෙම සංවිධානය ‘අහ්මදියා’ හෙවත් ‘කාදියානිවරුන්’ ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාව තුලත් ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක මෙම සංවිධානය පිලිබදව මුස්ලීම් සමාජයට මොවුන්ගේ මූලික ප්‍රතිපත්ති පිලිබදව නිසි අවබෝධයක් නැත. මේ හේතුව නිසා බොහෝ මුස්ලීම් ප්‍රජාව මෙම නිකාය වටා ඒකරාශි වීමත් ඔවුන්ගේ මතවාද පිලිගැනීමත් දක්නට ඇත. මෙම නිකායට විටෙක රාජ්‍ය අනුග්‍රහයන් පවා හිමිවන අවස්ථාවන් අප රට තුල දක්නට ලැබේ. එමනිසා මේ නිකාය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජය යම් අවබෝධයකින් සිටීම වැදගත්  යැයි සිතේ.  


මේ අහ්මදියාවරුන් කවුද ?, ඔවුන්ගේ ප්‍රතිපත්තිවල  වලංගු අවලංගුභාවය කොතරම්ද?. ඒ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදව දැන් විමසා බලමු. 

... more

Ibnu Saheer

මාතෘකාව තුල තරමක ව්‍යාකූල බවක් දක්නට තිබුණ ද අද ‘යහමඟ‘ අඩවිය තුල කථා කරන්නට යන විෂය නම් ව්‍යාකූල විෂයක් නොවේ. අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘මුස්ලීම් යනු කවුරුන්ද?‘ යන්න හා ‘වර්ථමාන මුස්ලීම්වරුන් ඉස්ලාම් පවසන සැබෑ ‘මුස්ලීම්‘ ලෙස පෙනී සිටිනවාද?‘ යන කාරණය පිලිබදවයි. සමහර විට මෙතැනදී පාඨක ඔබ තුල සාධාර්ණ සැකයක් මතු වන්නට ද පුළුවන. ඒ මුස්ලීම්වරුන් ලෙස ඉස්ලාම් දහම පිලිබදව හා ඉස්ලාම් දහමට එරෙහිව රටේ ලෝකේ මතුවෙමින් තිබෙන අභියෝග ගණනාවක් පිලිබදව වර්ථමානයේ කථා කිරීමේ දැඩි අවශ්‍යතාවය සමාජය තුල තිබියදී මෙවැනි මාතෘකාවක් කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන්නයි. බැලූ බැල්මට ඉහත තර්කයේ කිසියම් සාධාර්ණ බවක් පෙනුනත්, ඇත්තෙන්ම මේ අද කථා කරන්නට යන විෂය මුස්ලීම් සමාජය තුල බොහෝ දෙනෙකු හිතමතා කථා කිරීම අතපසු කල නමුත් කථා කලයුතු එසේම කාලීන වශයෙන් ඉතා වැදගත් විෂයක් යන්න මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇත.

... more

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics