හජ් ඉටුකළ යුතු ආකාරය
ඉහත සඳහන් කළ ආකාරයට උම්රාව අවසන් කොට යළිත් හජ් සඳහා දුල් හිජ්ජා මස 8වන දින ඉහ්රාම් ඇඳ ඉටුකරන හජ් කර්තව්‍ය හජ් තමත්තවු වේ. මෙහිදී උම්රාව ඉටුකර ඉහ්රාමයෙන් මිදුනු පසු යළිත් දුල් හිජ්ජා මස 8වන දින හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගන්නා තුර ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල කළ හැකි වේ.
හජ් කිරාන්
හජ් සහ උම්රාව එකම ඉහ්රාම් ඇඳුමකින් ඉටුකිරීම හජ් කිරාන් වේ. තමත්තවූ වලදී මෙන් ඉහ්රාමයෙන් මිදී යළි හජ් සඳහා ඉහ්රාම් ඇදීමක් මෙහි සිදු නොවේ. උම්රාවට ඇඳගත් එම ඉහ්රාමයෙන්ම හජ් කර්තව්‍යද ඉටුකළ යුතුය. කිරාන් යන්නෙහි අර්ථය එකතු කර ඉටුකිරීම නම් වේ.
කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන විට උම්රා කරන අවස්ථාවේ සෆා හා මර්වා අතර සඊ කළ පසු, හජ් කරන අවස්ථාවේ සඊ කිරීමට අවශ්‍ය නැත. එසේ නැත්නම් උම්රා කරන අවස්ථාවේ සඊ නො කරන හජ වලදී පමණක් සඊ කළ හැකිය.
තමත්තවූ හා කිරාන් යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට හජ් කර්තව්‍ය ඉටුකළද, ඔවුන් කුර්බාන් දිය යුතුය. එසේ කුර්බාන් දිය නොහැකි අය මක්කාවේදී දවස් තුනක් හා තම ගමට හැරුණු පසු දවස් හතක් උපවාසය රැකිය යුතු වේ.... more
උම්රා ඉටුකළ යුතු ආකාරය
මක්කාවට ඇතුළුවීමට පෙර ස්නානය කර ගැනීමට අවස්ථාවක් ඇත්නම් ස්නානය කරගත යුතුයි. දවල් කාලයේ මක්කාවට ඇතුළුවීම ඉතා යෝග්‍ය වේ.(බුහාරී 1573) මක්කාවට ඇතුළු වන විට මුඅල්ලාත් නැමැති ඉදිරිපසින් ඇතුළු විය යුතු යි.
ක:බාව පිහිටා ඇති මස්ජිදුල් හරමයට ඇතුළු වන විට ද අනිකුත් මස්ජිද් වලට ඇතුළු වන විට සිදුකරන්නාක් මෙන් වම්පාදය ඉදිරියට තබා ඇතුළු විය යුතු වේ. අනිකුත් මස්ජිද්වලට ඇතුළු වන අවස්ථාවේදී පාරායනය කරනු ලබන “اللهم افتح لي أبواب رحمتك අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික් (දෙවියාණෙනී! කරුණාවේ දොරටුව මා හට විවෘත කරනු මැනව) නැමැති දුආවම පාරායනය කළ යුතු වේ.
තවාෆුල් කුදූම් –
ක:බාවට ඇතුළු වූ විගස ඉටුකරනු ලබන පළමු තවාෆය තවාෆුල් කුදූම් යැයි හඳුන් වනු ලැබේ. තවාෆුල් කුදූම් යන්නෙහි තේරුම පැමිනීමේ තවාෆය යන්නයි. ක:බාවට පැමිණි විගස මෙම තවාෆය ඉටුකරන නිසා මෙයට තවාෆුල් කුදූම් යැයි කියනු ලැබේ.
තවාෆුල් කුදූම
කළ යුතු ආකාරය –
ශුද්ධ වූ ක:බාවහි වටේට සත් වතාවක් සක්මන් කිරීම තවාෆ් වේ. තවාෆුල් කුදූම් වලදී පමණක් පළමු වට තුන දිව ගොස් තවාෆ කළ යුතු අතර ඉතිරි වට හතර සක්මන් කළ යුතු වේ.(බුහාරී – 1644,1617)
තවාෆ් කරන අවස්ථාවේදී පුරුෂයින් තම දකුණු උරහිස ආවාරණය නොව ආකාරයට ඉහ්රාම් ඇඳුම සකසා ගත යුතු වේ.( සාක්ෂි තිර්මිදී 787,අබූදාවූද් 1607)
හජ් සහ උම්රා - ඉහ්රාම්
ඉස්ලාම් දහම
මූලික වගකීම් නම් කුළුණු 05ක් මත
ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි
ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි.
(මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click
කොට කියවන්න) වත්කම්
හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම මුස්ලිම් වරයෙක්ම ජීවිතයේ එක්
වතාවක් මෙම කර්තව්‍ය ඉටුකිරීම අනිවාර්ය යුතුතමකි. මෙය සර්ව බලධාරී දෙවි තම ශුද්ධ
වූ ග්‍රන්ථය වන පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ පවසයි.
එහි(මක්කා නගරයේ පිහිටා ඇති දේවස්ථානයෙහි) පැහැදිලි සංඥාද මකාමු ඉබ්රාහී (දේව වක්තෘ ඉබ්රාහී නැමදුම් කළ ස්ථානය) ද ඇත. එයට ඇතුළු වන කවරෙකු වුවද, ඔහු සුරක්ෂිත වන්නේ ය. (එබැවින්) එම (මක්කා නගරය) වෙත සැපවත් වීමට තරම් වත්පොහොසත් කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත(ගොස්) හජ් වන්දනාව ඉටුකිරීම අනිවාර්ය වේ.
ශුද්ධ වූ කුර්ආනය 3-97
ඉහත කුර්ආන් වැකිය මගින් හජ් වන්දනාව කොතරම් වැදගත්ද යන්න මනාව පැහැදිලිවේ. ඒ අනුව ඉස්ලාම් අවදාරණය කරන අනිකුත් වත්පිළිවෙත් මෙන් හජ් සහ උම්රා ඉටුකළ යුතු ආකාරය ද නබි (සල්) තුමාණෝ ඉතා පැහැදිලිව ජනයාට පෙන්වා දී මෙසේ ප්‍රකාශ කොට ද ඇත.
‘ඔබලාගේ හජ් හා උම්රා නැමදුම (ඉටුකිරීමේ ක්‍රමවේදය) මාගෙන්ම ලබා ගන්න, මක්නිසාදයත් මාගේ මෙම හජ්වලින් පසු (නැවතත්)හජ් ඉටුකිරීමට නොලැබේ දැයි මම නොදනිමි’
ග්‍රන්ථය – සහීහ් මුස්ලිම්