සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ
“අල්ලාහු අක්බර්”
842 – حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو، قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي ابْنِ عَبَّاسٍ، قَالَ عَلِيٌّ: وَاسْمُهُ نَافِذٌ
“නබි (සල්) තුමාණන්ගේ සලාතය අවසන් වූ බව මම දැනගන්නේ තක්බීරය (අල්ලාහු අක්බර් යැයි පැවසීම) මගිනි යැයි ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කළේය.”
ග්‍රන්ථය – බුහාරී (842) මුස්ලිම් – (1022)
أَسْتَغْفِرُ اللهَ
“අස්තග්ෆිරුල්ලාහ්”... more
දෙවන රකඅතය ද පළමු රකඅතය ඉටුකළ ආකාරයටම ඉටුකළ යුතු නමුත් පළමු රකඅතයේදී සලාතය ආරම්භ කිරීමත් සමග පාරායනය කළ දුආඋල් ඉස්තිෆ්තාහ් නම් දුආව පාරායනය කරන්නේ නැත.
– (599) قَالَ مُسْلِمٌ: وَحُدِّثْتُ عَنْ يَحْيَى بْنِ حَسَّانَ، وَيُونُسَ الْمُؤَدِّبِ، وَغَيْرِهِمَا، قَالُوا: حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ، قَالَ: حَدَّثَنِي عُمَارَةُ بْنُ الْقَعْقَاعِ، حَدَّثَنَا أَبُو زُرْعَةَ، قَالَ: سَمِعْتُ أَبَا هُرَيْرَةَ، يَقُولُ: «كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَهَضَ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ اسْتَفْتَحَ الْقِرَاءَةَ بِـ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَلَمْ يَسْكُتْ»
“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයට නැගිට්ට විට අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් යැයි පාරායනය කිරීම ආර්ම්භ කරන්නොය. නිශ්ශබ්දව සිටින්නේ නැත.”
(සහීහ් මුස්ලිම් 1050)
දෙවන රකඅතයේ ද පළමු රකඅතය මෙන් ෆාතිහා සූරාව පාරායනය කර පසුව තවත් සූරාවක් හෝ සූරාවෙන් කොටසක් පාරායනය කළ යුතුය.
– حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ، قَالَ: حَدَّثَنَا هَمَّامٌ، عَنْ يَحْيَى، عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي قَتَادَةَ، عَنْ أَبِيهِ: «أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي الظُّهْرِ فِي الأُولَيَيْنِ بِأُمِّ الكِتَابِ، وَسُورَتَيْنِ، وَفِي الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِأُمِّ الكِتَابِ وَيُسْمِعُنَا الآيَةَ، وَيُطَوِّلُ فِي الرَّكْعَةِ الأُولَى مَا لاَ يُطَوِّلُ فِي الرَّكْعَةِ الثَّانِيَةِ، وَهَكَذَا فِي العَصْرِ وَهَكَذَا فِي الصُّبْحِ»
“නබි (සල්) තුමාණෝ ලුහර් සලාතයේ පළමු රකඅත් දෙකෙහි... more
සුජූද් කිරීම
රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇත.(සාක්ෂි : නාසඊ 1076). අත් දෙක බිම තැබීමෙන් පසු දනහිස් දෙක ද පොළොවේ තැබිය යුතුයි.
සජදා කරන විට පොළොවේ ගෑවිය යුතු අවයවයන් :-
සජදාවෙහි පාරායණය කළ යුතු දුආ…... more
සලාතය
ඉටුකරන්නා ලෝකයේ කොතැන සිටියත් ඔහු ක:බාව දෙසට හැරී සලාතය ඉටුකළ යුතු වේ. ක:බාව
යනු ලෝකයේ ඉඳි කරන ලද පළමු දේවස්ථානය යි. මෙය සවුදී අරාබියේ මක්කානගරයේ පිහිටා ඇත.
ලංකාවේ සිට මෙම ක:බාව පිහිටි දිශාව මෙහි රූප සටහන ආකාරයට වේ. මේ පිලිබදව වැඩි
විස්තර පහසු කරන නවීන උපාංග රුසක් ඇත.
අල්කුර්ආනයේ 2:144වැනි වාක්‍යය
මගින් කොතන සිටියත් සලාතය ඉටු කරන විට ක:බාව දෙසට මුහුණ හරවන මෙන් අණ කර ඇත. නබි
(සල්) තුමාණන් ද සලාතය ඉටු කරන අවස්ථාවේ ක:බාව දෙසට හැරිය යුතු බවට අණ කර ඇත.(සාක්ෂි:
බුහාරී 6667, මුස්ලිම් 663)
ක:බාවේ දිශාව නොදන්නා අවස්ථාවක :
සමහර අවස්ථාවල ක:බාව පිහිටන දිශාව සොයාගැනීමට නොහැකි අවස්ථා උදා විය හැකිය. එවැනි අවස්ථාවක ... more
අනිවාර්ය වූ පස්වේල සලාතයට අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ. “සලාතයේ වේලාව පැමිණි විට ඔබලා අතරින් කෙනෙකු අදාන් කියත්වා.” යනුවෙන් නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇත.(බුහාරී 631, මුස්ලිම් 1194. අදාන් වල වැදගත්කම ගැන කියවෙන තවත් හදීසයක් බුහාරී 608හා මුස්ලිම් 633අංකවල සඳහන් වේ.) අදාන් යනු සලාතය සඳහා ජනතාව කැඳවීමට ඇති වචන පෙළකි. අනිවාර්ය වූ සලාතය තනියෙන් ඉටුකරන පුද්ගලයාද අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ.(මෙයට සාක්ෂි වශයෙන් උක්බා බින් ආමිර් (රලි) තුමා දැනුම් දෙන හදීසයක් මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ සඳහන් වී ඇත.)
අදාන්
اَللهُ أَكْبَرُ اَللهُ أَكُبَرُ
أَللهُ أَكْبَرُ اَللهُ أَكْبَرُ
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ
اللهِ
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ
اللهِ
حَيَّ عَلَى الصََّلاَةِ حَيَّ عَلَى
الصَّلاَةِ
حَيَّ عَلَي الْفَلاَحِ حَيَّ عَلَي
الْفَلاَحِ
اَللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ
لاَ إِلَهَ إِلاَّ اللهُ
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්
අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්
අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්... more
පුරුෂයින්ගේ
වස්ත්‍රය
සලාතය ඉටුකරන විට වස්ත්‍රය සඳහා සීමාවන් ඇත.වැඩිපුර ඇඳුම් තිබෙන පිරිමීන් අනිවාර්යෙන්ම උරහිස ආවරණය කරගත යුතුයි.(සාක්ෂි : බුහාරී 359, මුස්ලිම් : 894). උරහිස වසා ගැනීමට තරම් වස්ත්‍ර නොමැති අය ඉනේ රෙද්දක් බැඳගෙන සලාතය ඉටුකළ යුතුයි.(බුහාරී : 631). සලාතය ඉටුකරන විට අනිවාර්යෙන්ම හිස් වැස්මක් පැලඳගත යුතුය යනුවෙන් සමාජයේ මතයක් පවතී. මෙයට හදීස්වල කිසිඳු සාක්ෂියක් නොමැත. කැමැති නම් හිස්වැස්මක් පැළඳ ගෙන සලාතය ඉටුකළ හැකි නමුත් එය සලාතයේ අංගයක් හෝ සුන්නතයක් නොවන අතර ඒ සදහා කුසලක් ද හිමි නොවේ.
කාන්තාවන්ගේ
වස්ත්‍රය
කාන්තාවන් සලාතය ඉටුකරන විට මුළු ශරීරයම ආවරණය කරගත යුතුයි.(සාක්ෂි : බුහාරී 578, මුස්ලිම් 1133) මුහුණ, අතේ මැණික් කටුවෙන් පහළ පෙදෙස හා පාදය(වළලූ කරෙන් පහළ කොටස) ආවරණය කිරීමට අවශ්‍ය නැත.... more