'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනයට යටත් කෙරුණ ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඉල්ලීමක් මත සිදුවූවක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
19 හැවිරිදි ඉවෝන් ජොන්සන්ගේ ඝාතනයට වරදකරු වූ ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සිදුකළ බව සඳුදා (නොවැ 11) සමාව දීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ජූඩ් ශ්රමන්තගේ දෙමාපියන් ජනාධිපතිවරයා හමුවීමට සළස්වා මේ ගැන දීර්ඝ කරුණු පැහැදිලිකිරිමක් අතුරලියේ රතන හිමියන් සිදුකළ බව එම නිවේදනයේ සඳහන් විය.
මෙම සිද්ධිය තරුණයෙක් සහ තරුණියක් අතර ප්‍රේම සම්බන්ධයක් මුල්කරගත් ආරවුලක් බවත්, ජූඩ් ශ්රමන්ත බන්ධනාගාරය තුළ යහපත් කල් ක්‍රියාවෙන් යුක්තව ආචාර්ය උපාධිය හදාරමින් සිටින උගත් බුද්ධිමත් තරුණයෙක් බවින් ඔහුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියන් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
බුද්ධ දේශනාව අනුව යමින් කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අතුරලියේ රතන හිමියන්ට අමතරව, බද්දේගම සමිත හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා පිරසක් මෙන්ම දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමාද මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීම් සිදුකළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ ද මෙම තරුණයාට නිදහස ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන්.
මෙම ඉල්ලීම්වලට අමතරව මෙම ඝාතනය ක්ෂණික කෝපය මත සිදු වූවක් හා මෙම තරුණයා වසර 15ක් බන්ධනාගාරගතව යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරීම වැනි කරුණුත් සළකා බලා ජනාධිපතිවරයා මෙම සමාව ලබාදීමට තීරණය කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුට සමාව දීම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ දැඩි පහරක් බවය.
මේ අතර ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහ අතින් ඝාතනය වූ බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වූ ඉවෝන් ජොන්සන් ගේ නැගණිය කැරොලයින් ජොන්සන් ඉරිදා (නොවැම්බර් 10) සිය ෆේස්බුක් පිටුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දීර්ඝ ලිපියක් ලියා තිබේ.
"මම දන්නවා ඔබ කෙදිනකවත් මෙය කියවා නොබලන බව," සිය සටහන අරඹමින් ඇය කියයි.
"දියණියන් දෙදෙනෙකු ගේ පියෙකු වශයෙන් මෙම වරදකරු නිදහස් කිරීමට ඔබ ගත් තීරණය මට තේරුම් ගැනීමට අපහසුයි."
"ඝාතනයක් වූ විට පවුලකට එමගින් ඇතිවන බලපෑම කිසිවෙකු කිසි දිනෙක සත්‍ය වශයෙන් ම තේරුම් නොගනු ඇති."
"අවසානයේ ජනාධිපතිතුමනි! ඔබ නැවතත් මේ දරාගත නොහැකි වේදනාව මගේ පවුලේ සාමාජිකයන්ට හිමිකර දී තිබේ," යනුවෙන් ද සිය දීර්ඝ සටහනින් ඇය පවසන්නීය.
ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහ ට ජනාධිපති සමාව දීමට අදාළ නියෝගය ලැබුණු බව සෙනසුරාදා (නොවැම්බර් 10) බන්ධනාගාර බලධාරීහු පැවසූහ. ඒ අනුව ඔහු සෙනසුරාදා සවස කුරුවිට බන්ධනාගාරයෙන් නික්ම ව ගොස් තිබේ.
මේ පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් ශ්‍රී ලංකා නීති ක්ෂේත්රයේ ප්‍රවීනයෙකු වන සාලිය පිරිස් විමසන්නේ, දැනට මරණීය දණ්ඩනය හිමිව සිටින දහස් ගණනක් පුද්ගලයන් අතරින් ජනාධිපති සමාව සඳහා 'රෝයල් පාර්ක්' මිනීමැරුමට වරදකරු වූ පුද්ගලයා තෝරාගත් ආකාරය දැනගැනීම කැමති බවය.
"මෙය විශේෂ සමාවක්."
නීතියේ ආධිපත්‍යයට විශාල බලපෑමක් ඇති කෙරෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතීඥ සංගමය මැදිහත් විය යුතු බවත් ඔහු පවසයි.
තවත් ෆේස්බුක් සටහනකින් ඔහු පෙන්වා දෙන්නේ, අධිකරණමය කටයුතු මග හැර නිදහස ලබා ගැනීමට වෙනත් වැරදිකරුවන් ද දැන් කල් මරමින් සූදානම් වෙමින් සිටිනවා විය හැකි බවය.
"අධිකරණය ශක්තිමත් කළ යුතුයි. එහි ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කළ යුතුයි," යනුවෙන් ද ඔහු පවසයි.
මේ අතර, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ෆේස්බුක් සටහනක් තබමින් රෝයල් පාර්ක් මිනීමැරුමේ සත්‍ය හෙළි කර ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කටයුතු කළ අකාරය පැහැදිලි කරයි.
රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.
ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය.
ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.
එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.
මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.
කෙසේවෙතත්, ජූඩ් ශ්රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක් යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කර තිබේ.
ඔක්තෝබර් 20 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින්, ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි.
අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟය.
මේ තොරතුරුත් කියවන්න:
... more
Narrated Hudhaifa bin Al-Yaman:
The people used to ask Allah's Messenger (ﷺ) about good, but I used to ask him about evil for fear that it might overtake me. Once I said, "O Allah's Messenger (ﷺ)! We were in ignorance and in evil and Allah has bestowed upon us the present good; will there by any evil after this good?" He said, "Yes." I asked, "Will there be good after that evil?" He said, "Yes, but it would be tained with Dakhan (i.e. Little evil)." I asked, "What will its Dakhan be?" He said, "There will be some people who will lead (people) according to principles other than my tradition. You will see their actions and disapprove of them." I said, "Will there by any evil after that good?" He said, "Yes, there will be some ... more
දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සාපාරාධී අඩන්තේට්ටම් කිරීම සහ අංක 486 සාපාරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර නැමති සිවුරුදාරියා ට එම දඩුවම නියම කිරීම සදහා ජූනි 14 දක්වා කල්තැබීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ සදහා ඇත්තේ තවත් දින 5ක් පමණි.
කෙසේ නමුත් වත්මන් ‘යහපාලන’ ආණ්ඩුවට මුක්කු ගසමින් ඇති ඥානසාරට එැවැනි හෝ දඩුවමක් ප්‍රකාශයට පත්කිරීම සදහා තිබූ ධෛර්යට මෙන්ම අධිකරණය පිළිබද ජනතාවට ඇති විශ්වාසය තහවරු කිරීම පිළිබදව හෝමාගම මහේස්ත්රාත්වරයාට අප ගෞරව කළ යුතුය.
කෙසේ නමුත් මේ වන විට ඥාණසාර වරදකරු කර ඇත. නමුත් ජූනි 14වනදා එක්කෝ අදාල වරදට අනුව දඩුවම් නියම කිරීම හෝ අත්හිටවූ සිරදඩුවමක් දීමට හැකියාවක් පවතින බව නීති විශාරදයින් පෙන්වා දෙයි. නමුත් එය එසේ වන්නේ මහේස්ත්රාත්වරයාගේ අභිමතය මත බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
... more
(මෙම ලිපිය මින්හජ්මිෆ්ලාල් අඩවියෙන් උපුටාගැනීමකි)
1325 වසන්ත සෘතුව උදා විය. විසි එක් හැවිරිදි නීති ශිෂ්‍යත්වධාරියකු වූ මුහම්මද් ඉබන් බතුතා ටැන්ජියර්හි පිහිටි නිවෙසින් පිටත් වූයේය. ඒ මක්කම ශුද්ධ නගරයටයි.වයස විස්සේදී පිටත් වූ ගමන කෙළවර වීමට තිස් වසරකට ආසන්න කාලයක් ගත විය. ඔහු කි. මි. 120,000 කට ආසන්න පෙදෙසක පයින්, බූරුවන් පිටින්, ඔටුවන් පිටින් මෙන්ම බෝට්ටුවෙන් ද ගමන් කළේය.
දැනුම හා අත්දැකීම් ලබන්නට ඉබන් තරුණයා සතු පිපාසය මෙවැනි දිගු ගමනකට සවිමත් පදනමක් විය. ඔහු සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යයන් මෙන්ම ඉන් එහා ලොව ද දුටුවේය.චීනය වැනි බෙහෙවින් දුරින් පිහිටි රාජ්‍ය පවා තරණය කරන්නට ඉබන් බතුතාට හැකි විය. මුස්ලිම් ලෝකයෙහි කොංග්‍රසය වූ මක්කමින් ඔහු පිටත් වන විට දුටු ලොවට වැඩි වෙනස් යමක් ඔහු දේශයෙන් දේශයට පිය මනින විට දුටුවේය.
... more
ඌව පළාත තුළ බුර්කාව පළඳින කාන්තාවන් පිළිබඳව විශේෂ විමර්ශන සිදු කරන ලෙස පොලිසියට දැනුම් දුන් බව ඌව ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
බීබීසී සිංහල සේවයට ඔහු මේ බව කියා සිටියේ හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟ බුර්කා තහනම ද අහෝසි වීමෙන් අනතුරුව ය.
"බුර්කාවක් ඇඳ ගෙන යන්න කිසි ම උවමනාවක් නැහැ. බුර්කාව ඇඳගෙන යනව නම් ඌව පළාතේ, මම පොලිසිවලට කියල තියෙන්නේ, මේ ගොල්ලන්ගේ අන්තගාමී තත්ත්වයක් තමයි තියෙන්නේ, ඉතින් ඒ අය ගැන විමර්ශනය කරන්න ඕන."
"මම පොලිසියට කියල තියෙන්නේ බුර්කාව ඇඳල යනව නම් මේ කණ්ඩායම් ගැන පුළුල් විමර්ශනයක් කරන්න කියල." ඌව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඔහු කළ ප්‍රකාශය ඇතැම් නීති විශාරදයෝ අභියෝගයට ලක් කරති. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙය හැඳින්වූයේ නීතිය අභිබවා යාමක් ලෙසිනි.
"ආණ්ඩුකාරවරයා බලය අභිබවා යනවා. මේක නීතියේ ආධිපත්‍යයට දැඩි තර්ජනයක්. කොළඹ මුස්ලිම් කතක් බුර්කාව දාගෙන බදුල්ලට ගියොත් මොක ද වෙන්නේ. පරීක්ෂණ පවත්වන්න අත්අඩංගුවට ගන්නව ද?" මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.
බුර්කාව තහනම් කිරීමට අවශ්‍ය නම් ඊට නිසි ක්‍රමවේදයක් පවතින බවත් ප්‍රංශය වැනි රටවල් ඒ සඳහා විශේෂ පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමෙන් බුර්කාව තහනම් කර ඇති බවත් ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය මහානාමහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.
නමුත් ඌව පළාතේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ "මේක තහනමක් නෙවෙයි. පරීක්ෂා කිරීමක් කරන්නේ. සැකයක් ඇත්නම් ඒ ගැන පරීක්ෂා කිරීමට තහනමක් නැහැනේ," යනුවෙනි.
"හොරා පොලිස් හැංගි මුත්තං"ඒ පිළිබඳව විමසූ විට මහාචාර්ය මහානාමහේවා කියා සිටියේ සැකයක් වේනම් එය "අපරාධනීය" සැකයක් විය යුතු බවය.
"ඔහුට යම්කිසි සැකයක් තියෙනවනම් ඒක අපරාධනීය සැකයක් විය යුතුයි. එහෙම නැතුව මුළු බදුල්ල වටේම බුර්කාව ඇඳගෙන යන හැම දෙනාගේම පස්සේ හොරා පොලිස් හැංගි මුත්තන් කරන්න පුලුවන්ද? ඔහු ආණ්ඩුකාරවරයා විදියට දන්නවද ඔහුගේ බලතල? ඔහු ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය දන්නවද? දැන් ඔහුද ඒ පළාතේ ඔත්තු සේවාවක් පටන් අරගෙන තියෙන්නේ?" ඔහු ප්‍රශ්න කළේය.
"සැකයක් තියෙනවනම් විමර්ශනය කිරීම කොහොමටත් පොලිසියේ කාර්යභාරයක්. ආණ්ඩුකාරවරයාගේ කතාවෙන් ගම්‍ය වෙන්නේ වෙනත් දෙයක්. බුර්කාව ඇන්දොත් පරීක්ෂණ කළ යුතුයි කියනවා. ඔහු විධායක ආණ්ඩුකාරවරයෙක් ද? විධායක ජනාධිපතිවරයා ඔහුට බලතල පවරලා දීල ද?" මහාචාර්ය මහානාම හේවා තවදුරටත් පැවසීය.
මේ අතර ඌව ආණ්ඩුකාරවර නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ තම පළාතේ ආරක්ෂාව තහවුරු කිරීම තමාගේ වගකීමක් බවය.
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ රට තාම නැගිට්ටේ නැහැ. මුස්ලිම් ජනතාව ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක බෞද්ධ සංස්කෘතික රටක්. සියලු දෙනාම නම්‍යශීලී වෙන්න ඕන. ඇතැම් මුස්ලිම් රටවල පවා බුර්කාව පැත්තකින් තියල යනකොට අපේ කට්ටිය විතරක් මොකටද මේ මෑතක ඉඳල ගල් යුගයට යන්න හදන්නේ? ඒකෙන් තේරෙන්නේ මේ අය අන්තවාදීන්ගේ බලපෑමට ලක්වෙලා කියන එක තමයි."
ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු නම් අන්තවාදී කණ්ඩායම් ගැන රට පුරාම මෙසේ විමර්ශන දියත් කළ යුතු බව ද ඌව පළාතේ ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.
"ඌව පලාතට විතරක්"මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිවේදීනි භවානි ෆොන්සේකා දරන්නේ මෙවන් අදහසකි.
"හදිසි නීතිය ඉවත් වෙනකොට බුර්කා තහනමත් ඉවත් වුනා. ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කරන්න යන්නේ කුමන නීතියක් ද කියන එක මට පැහැදිලි නැහැ. මං දන්නා තරමට එහෙම නීතියක් දැනට නැහැ."
"මම හිතන්නේ නැහැ ඌව පලාතට විතරක් එහෙම නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියල. පොලිසියට උනත් නියෝග කරන්න මොකක් හරි නීතියක් තියෙන්න එපැයි. ආණ්ඩුකාරවරයාට පමණක් නීතියක් ගේන්න බැහැ. එහෙමනම් අඩු තරමේ ඌව පළාත් සභාවෙන් වත් එහෙම දෙයක් එන්න ඕන." භවානි ෆොන්සේකා නීතිවේදිනිය තවදුරටත් ප්‍රකාශ කළාය.
කෙසේ නමුත් ඇය අවධාරණය කර සිටියේ, සැකයක් වේනම් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඕනෑම කෙනෙකුට පොලිසියෙන් ඉල්ලීමක් කළ හැකි බවත් එය ඉදිරියට ගෙන යාම හෝ නොයාම පිළිබඳව තීරණයක් ගැනීමට පොලිසියට බලය තිබෙන බවත්ය.
"රටේ පවතින තත්වය අනුව සැකයක් තියෙනවනම් පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. නමුත් එය ඉන් ඉදිරියට ගෙන යනවනම්, කුමන නීතිමය පදනමක් මත එය සිදු කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන." නීතිඥවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
"පාස්කු ප්‍රහාරයෙන් දෙතුන් සීයක් මැරුණ"මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ එමගින් මානව හිමිකම් කඩවීමක් සිදුවන බවය.
"කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න, ඇයි අපේ පළාතේ විතරක් චෙක් කරන්නේ කියල. ඇඳුම මත මිනිසුන් වර්ගීකරණය කරන්න බැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙන දෙයක්." ඔහු පැවසීය.
නමුත් ආණ්ඩුකාරවර නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ ඉන් මානව හිමිකම් කඩකිරීමක් නොවන බවය.
"සැකයක් ඇත්නම් පරීක්ෂණ පැවැත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවෙයිනේ. පාස්කු ප්‍රහාරයෙන් දෙතුන් සීයක් මැරුන. ඒ අයගේ මානව හිමිකම් ගැන කවුද කතා කරන්නේ?" ආණ්ඩුකාරවරයා ප්‍රශ්න කරයි.
"ඇඳුම මත වර්ගීකරණයක් කළොත් 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය කඩ කිරීමක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයත් කඩ වෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම මෙහෙයවීමත් මෙතන දී කඩ වෙනවා." මහාචාර්ය නීතිඥ මහානාමහේවා ප්‍රකාශ කළේය.
"අන්තගාමීන්ගේ සම්බන්ධයක්"මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ බුර්කාව පිටුපස අන්තගාමීන්ගේ සම්බන්ධයක් පවතින බවය.
"අවුරුදු 600ක් 700ක් විතර කාලෙක ඉඳල මුස්ලිම්වරු අපේ රටේ හිටිය. එතකොට මේ බුර්කාව ඇන්දේ නැහැනේ. ළඟකදී ඉඳලා නේ මේ කෝලං ඔක්කොම පටන් ගත්තේ. ඒ කියන්නේ මේකට අන්තගාමීන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලනේ," ඌව ආණ්ඩුකාරවරයා පැවසීය.
ඔහු තවදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂාව සහ පළාතේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් තමන් එම තීරණයට පැමිණි බවය.
නමුත් මහාචාර්ය මහානාමහේවා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ "එක එක පලාතට හිතෙන හිතෙන නීති පැනවීමට ආණ්ඩුකාරවරුන්ට බැහැ," යනුවෙනි.
"ජාතික ආරක්ෂාව කියන්නේ මුළු රටටම බලපාන දෙයක්. අනෙක් පලාත්වල ආණ්ඩුකාරවරු දැන් මොකද කරන්නේ? දැන් ඔහු කියන විදියට මුළු රට ම අනාරක්ෂිතයි. ඌව විතරයි ආරක්ෂිත."
"රටේ ම ආරක්ෂාව භාරව ඉන්නේ ජනාධිපතිවරයා. රාජ්‍ය අමාත්‍යවරයෙකුත් ඉන්නවා. එතකොට ඒ ගොල්ලෝ දැන් වගකීමෙන් බැහැර වෙලාද? ආණ්ඩුකාරවරයාට අවශ්‍යනම් ඔහුට පුළුවන් එය ජනාධිපතිවරයාට දැනුම් දෙන්න. ආරක්ෂක ලේකම්ට ලියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න," ඔහු ප්‍රකාශ කළේය.
උලමා සංවිධානයමේ අතරතුර, හදිසි නීතිය ඉවත් වීමෙන් අනතුරුව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
රටේ පවතින දේශපාලන තත්වය මත, ප්‍රසිද්ධ ස්ථානවල සම්පුර්ණ මුහුණ වසාගෙන සිටීමෙන් මුස්ලිම් කාන්තාවන් යම් අපහසුතාවලට මුහුණ දීමේ ඉඩකඩක් පවතින බැවින් එවැනි අවස්ථා මගහැරෙන සේ වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස එම නිවේදනය මගින් මුස්ලිම් ජනතාවට උපදෙස් දී ඇත.
රට පුරා ශෝක දිනයක් වූ අද (එනම් 2019/04/23) දිනයේ පසුගිය 21 දින විශේෂයෙන් කිතුණූ ජනයා හා ඔවුන්ගේ නැමදුම් දේවස්ථාන මෙන්ම උත්සව ස්ථාන ඉලක්ක කොට එල්ල කල මිලෙඡ්ච ත්‍රස්ථ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් 'යහමග' තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි.
ඉහත මිලෙඡ්ච ප්‍රහාරයෙන් රටේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මියගිය සංඛ්‍යාව 320 ඉක්මවා ඇත. මීට අමතව තුවල ලබා රෝහල්ගතව විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. එසේම මෙම ප්‍රහාරයෙන් කිතුණු ජනයාගේ දේවස්ථාන කිහිපයක් ඇතුළුව පොදු දේපල විශාල ප්‍රමාණයකට ද දැඩි හානි සිදුව ඇත. මේ පිලිබදව 'යහමග' තම කණගාටුව හදවතින් ම ප්‍රකාශ කර සිටින අතර මෙම තිරිසන් මිලෙඡ්ච ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලාදකින බව ප්‍රථමයෙන් සටහන් කරමි.
... more