User blogs

Ibnu Saheer

ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදුකෙරේ.

දින දර්ශනයට පමණක් සීමා වූ එම දිනයන් හි සැබෑ තත්වය කුමකද්? යන්න පහත ලිපියන් යටතේ විමසා බලන අතර එහි සමහරක් දිනයන් තුලින් සමාජ යහපතට වඩා සිදුවන්නේ පරිහානියක් බව එම ලිපියන් කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇත. 

එහි සමහරක් දින නම් කිරීමෙහි කිසිදු සාධාර්ණයක් නොමැති බවද ඔබට එම ලිපි කියවීමේ දී පැහැදිලි වනු ඇත. 

එසේනම් එම දිනයන් හා ලිපි වෙත දැන් අවධානය යොමු කරමු.

 ... more

Ibnu Saheer Jan 7 '20 · Comments: 1 · Tags: විශේෂ දින
Ibnu Saheer

2020 නව වසර උදාවත් සමඟ නව වසර සදහ වූ සුභපැතුමන් හතරවටින් ප්‍රකාශ වෙමින් ඇත. මේ මොහොතේ බහුතර මුස්ලීම් ප්‍රජාව එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින අතර සමහරක් මුස්ලීම්වරුන් එවැනි සුභ පැතුමන් ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින බවට සමාජ ජාලයන් ඔස්සේ ප්‍රකාශයන් නිකුත් කරන ආකාරයක් ද දක්නට ඇත. මෙවන් පසුබිමක මේ විෂය එනම්, 'නව වසරක උදාව හා ඒ පිලිබදව ඉස්ලාම් හි ස්ථාවරය'  පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීමට අදහස් කරමි. 

ඉස්ලාමීය දින දර්ශකයට අනුව වර්ෂය නිර්ණය කරන්නේ කෙසේ ද? යන්න ප්‍රථමයෙන් විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. ජාත්‍යන්තරය පිලිගත් (වත්මන් අපේ) දින දර්ශනයට අනුව දින 28, 29, 30 හෝ 31 ක් මාසයක් ලෙසත් මාස 12 ක් වර්ෂයක් ලෙසත් හැදින්වේ. ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂය මාස 12 ක් පදනම් කරගෙන නිර්ණය කරන්නා සේම ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනයේ (9-36) වාක්‍යය මඟින් වර්ෂයකට මාස 12 ක් යන්න මීට වසර 1400 කට පෙරම පහත ආකාරයට අවධාරනය කරයි, එනම්,

... more

Ibnu Saheer Jan 1 '20 · Comments: 1 · Tags: 2020, නව වසර
Ibnu Saheer

ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න.
මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත!!

-ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන-
අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය.

"ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි.

කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත.

මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි.

ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක.... more

Yahamaga

සමස්ථ කිතුණු ලෝකයම නත්තල සමරණ මේ ‍මොහොතේ යහමග අඩවිය හරහා බයිබල් වාක්‍ය කිහිපයක් කිතුණු සමාජයේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නට අදහස් කරමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් මරියම් ගේ පුත් යේසුස් තුමාණන්ට ගරු කරන්න‍ා සේම ඉස්ලාමීය ලෝකයේ අපි ද එතුමාණන්ට ඉමහත් ගරුත්වයක් දක්වන්නෙමු. කිතුණු ලොව යේසුස් වහන්සේ නමින් හදුන්වන මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයෙකු නොහොත් නබිවරයෙකු ලෙස සමස්ථ මුස්ලීම් ලෝකයම ගරු කරති. මුස්ලීම් ලෝකය මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්‍ (දෙවියන්)ගේ දූතයාණන් ලෙස සලකනවා සේම ඊසා (අලෛ) (යේසුස්) තුමාණන් ද දේව දූතයකු ලෙස පිලිගන්නෙමු. එපමණක් නොව ප්‍රථම මිනිසා වන ආදම්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම දේව වක්තෘවරයෙකුගේම මෙහෙවර එකක් වූ බවත්, යේසූස් නොහොත් ඊසා (අලෛ)තුමාද එහි කොටස්කරුවකු බවත් මුස්ලීම් අපි පිලිගන්නෙමු. මේ පිලිබදව අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් මිනිස් සමාජයට දේශනා කල ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 3-50,51 වාක්‍යය මගින් මෙසේ පවසයි.

"මට පෙර ජිවත් වු වක්තෘවරුන් ගෙනආ දහමන් සත්‍ය කරණු පිණිසද, නුඔලාට මීට පෙර තහනම් කල සමහරක් සදහා අවසර ලබාදීම පිණිසද, අල්ලාහ් පමණි මාගේත්, නුඔලාගේත් දෙවියා එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි සත්‍ය මාර්ගය යයි පවසනු පිණිසද ..."

... more

Yahamaga

මේ දිනවල අන්තර්ජාලයේ වැඩියෙන්ම කථා වෙන මාතෘකාවන් අතර මියන්මාර අවුන් සාන් සූ කී යන්නද එකකි. 2017 වර්ෂයේ පටන් මියන්මාර මුස්ලීම් ජනතාව සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පරීක්ෂණයක් ආරම්භ කිරීම එයට මූලික හේතුවයි.

ජාත්‍යන්තර මාධ්‍යයන් හි එලෙස ඇය සම්බන්ධයෙන් කථාබහ ආරම්භ වීමත් සමඟ අප රටේ  මුස්ලීම් විරෝධී ගෝත්‍රවාදීන් ද විවිධ සටන් පාට තම සමාජ ජාලවල ඉදිරිපත් කරමින් ඇයට සහය පලකරන්න පටන්ගෙන ඇත. (එවැනි එක් සටන් පාඨයක් වන ඇය ‘උදාර බොදු රැජින’ යන්න මෙහි ලිපියේ මාතෘකාවට පදනම් කරගෙන ඇත.) මියන්මාරයේ ඇත්තට සිදුවන්නේ කුමක්ද?. එහි මුස්ලීම්වරුන්ගේ ඉරණම තීන්දු වූයේ කෙසේද?. යන්න කිසිවක් නොසොයා එසේත් නැත්නම් ඒ සියල්ල නොසලකා හැර ඇය බෞද්ධ කාන්තාවක් වීමත්, ඇය විසින් ඝාතනය වූ පිරිස මුස්ලීම්වීමත් පමණක් පදනම් කරගෙන මේ ආකාරයට පෝස්ට් දමන්නේ ජාතියක් කෙරෙහි තිබෙන වෛරය නිසා සහ ගෝත්‍රවාදී මානසිකත්වය නිසාම මිස මෙය බෞද්ධ ඉගෙන්වීමක් නිසා නොවන බව නම් මාහට පැහැදිලිව මෙහි පැවසිය හැක.... more

Yahamaga

මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ  පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.

ඒ අනුව මෙලොව සිදුකල අකුසල් හේතුවෙන් නිරයට යන කෙනෙකු නිරයේ දඬුවම දරාගත නොහැකිව දෙවියන් හමුවේ කරන පැතුමන් නොහොත් ප්‍රාර්ථනාවන් පිලිබදව ශුද්ධ වූ කුර්ආනය දීර්ඝ වශයෙන් විස්තර කරයි. ඒ අතුරින් ප්‍රධාන පැතුමන් 04ක් පිලිබදවයි මෙතැන් සිට විමසා බලන්නේ.

... more

Yahamaga

ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි. එදින නිවැස්වලද දෛනික කටයුතු සුවිශේෂි වේ. ගමන් බිමන්වලින් වැලකීම, ප්‍රණීත ආහාර පාන සැකසීම, ශුද්ධ වූ කුර්ආන් පාරායනය කිරීම වැනි ආගමික කටයුතුවල නිරතවීම යනාදීය සදහන් කලහැක. මේ ආකාරයට මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතුවල සුවිශේෂි දිනයක් වන 'සිකුරාදා' දිනය ආගමික වශයෙන්ද සුවිශේෂි වේ. 


එය ඉස්ලාම් මෙසේ පවසයි...... more

Pages: « 1 2 3 4 5 ... » »»

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics