User blogs

Yahamaga
මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම් එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු) අපට සිහිනෙන් දැකිය හැකිද?. 


පසුගිය ජුම්මා (2019/11/29 සිකුරාදා දේශන) අවස්ථාවක එක්තරා පූජකවරයෙකු විසින් මුහම්මද් (සල්) තුමාණන්ව අපට සිහිනෙන් හා ජීවමානව දැකිය හැකි බවත්, ඒ සදහා අල්ලාහ් (දෙවි) අපට භාග්‍යයක් ලබාදෙත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරන ආකාරයත් දකින්නට ලැබුණි. මහඵ වියක පසුවන පරිණත දේශකයෙකු ලෙස පෙනීසිටින ඔහු ඉතා හැඟීම් බරව ශුද්ධ වූ සිකුරාදා දේශන වේදිකාවක මෙලෙස ජනයා නොමඟ යැවීමක් කරන ආකාරය දුටු විට ඇති වූයේ ඉමහත් කලකිරීමකි. මේ හේතුව නිසාම මෙම විෂය එනම්, ‘මුහම්මද් (සල්) තුමාණන්ව අද සිහිනෙන් හෝ ජීවමානව දැකිය හැකිද?’ යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.  ... more

Yahamaga

ඉස්ලාම් දහම තුල කිසියම් ක්‍රියාවක් 'ඉස්ලාම් අනුමත' යැයි පැවසීමට නම්, ඒ සදහා අනිවාර්‍ය අවශ්‍යතාවයක් ඇත. එනම්, එම ක්‍රියාව ශුද්ධ වූ කුර්ආනය මඟින්  හෝ හදීසය (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) මඟින් අනුමැතිය ලබාතිබීම අත්‍ය අවශ්‍ය වේ. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය සැමරීමට ඉස්ලාම් දහම තුල එනම්, ඉහත කී මූලාශ්‍රයන් දෙක තුල කිසිදු අවසරයක් නැත. අවසරයක් නැතුවා පමණක් නොව මුස්ලීම්වරුන්ට උපන්දින සැමරීම නොහොබින ක්‍රියාවක් බවට ඉහත මූලාශ්‍රයන් දෙක අවදාරණය කරයි. 

එය එසේ වූවත්, ඉස්ලාමීය ඉගෙන්වීමන්ට ඉහලින් ගොස් වත්මන් මුස්ලීම් සමාජයේ බහුතරය සමරන මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද? යන්න දැන් විමසා බලමු.

... more

Yahamaga Nov 30 '19 · Tags: උපන්දින
Ibnu Saheer

වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම ආදී තර්ජනවලට පිළියම් සෙවීමට ලෝකය අසමත් වුවහොත් “ඩිජිටල් ලෝකය තුළ අයහපත් තත්ත්වයක්” නිර්මාණය වනු ඇතැයි ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟවීය. 

ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම එසේත් නැතිනම් දුස් තොරතුරු සහ ඩිජිටල් ලෝකය විශේෂයෙන්ම අන්තර්ජාලය , සමාජ මාධ්‍ය තුළ එහි පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හානි වීම සහ පෞද්ගලිකත්වය නිරාවරණය වීම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. ... more

Ibnu Saheer Nov 27 '19 · Comments: 1 · Tags: ටිම් බර්නර්ස්
Ibnu Saheer
President Sirisena and Yvonne Johnson

'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනයට යටත් කෙරුණ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඉල්ලීමක් මත සිදුවූවක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

19 හැවිරිදි ඉවෝන් ජොන්සන්ගේ ඝාතනයට වරදකරු වූ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සිදුකළ බව සඳුදා (නොවැ 11) සමාව දීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජූඩ් ශ‍්‍රමන්තගේ දෙමාපියන් ජනාධිපතිවරයා හමුවීමට සළස්වා මේ ගැන දීර්ඝ කරුණු පැහැදිලිකිරිමක් අතුරලියේ රතන හිමියන් සිදුකළ බව එම නිවේදනයේ සඳහන් විය.

මෙම සිද්ධිය තරුණයෙක් සහ තරුණියක් අතර ප්‍රේම සම්බන්ධයක් මුල්කරගත් ආරවුලක් බවත්, ජූඩ් ශ‍්‍රමන්ත බන්ධනාගාරය තුළ යහපත් කල් ක්‍රියාවෙන් යුක්තව ආචාර්ය උපාධිය හදාරමින් සිටින උගත් බුද්ධිමත් තරුණයෙක් බවින් ඔහුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියන් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

බුද්ධ දේශනාව අනුව යමින් කරුණා, දයානුකම්පාවෙන් යුක්තව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අතුරලියේ රතන හිමියන්ට අමතරව, බද්දේගම සමිත හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා පිරසක් මෙන්ම දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමාද මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීම් සිදුකළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ ද මෙම තරුණයාට නිදහස ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන්.

මෙම ඉල්ලීම්වලට අමතරව මෙම ඝාතනය ක්ෂණික කෝපය මත සිදු වූවක් හා මෙම තරුණයා වසර 15ක් බන්ධනාගාරගතව යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරීම වැනි කරුණුත් සළකා බලා ජනාධිපතිවරයා මෙම සමාව ලබාදීමට තීරණය කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුට සමාව දීම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ දැඩි පහරක් බවය.

මේ අතර ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ අතින් ඝාතනය වූ බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වූ ඉවෝන් ජොන්සන් ගේ නැගණිය කැරොලයින් ජොන්සන් ඉරිදා (නොවැම්බර් 10) සිය ෆේස්බුක් පිටුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දීර්ඝ ලිපියක් ලියා තිබේ.

"මම දන්නවා ඔබ කෙදිනකවත් මෙය කියවා නොබලන බව," සිය සටහන අරඹමින් ඇය කියයි.

"දියණියන් දෙදෙනෙකු ගේ පියෙකු වශයෙන් මෙම වරදකරු නිදහස් කිරීමට ඔබ ගත් තීරණය මට තේරුම් ගැනීමට අපහසුයි."

"ඝාතනයක් වූ විට පවුලකට එමගින් ඇතිවන බලපෑම කිසිවෙකු කිසි දිනෙක සත්‍ය වශයෙන් ම තේරුම් නොගනු ඇති."

"අවසානයේ ජනාධිපතිතුමනි! ඔබ නැවතත් මේ දරාගත නොහැකි වේදනාව මගේ පවුලේ සාමාජිකයන්ට හිමිකර දී තිබේ," යනුවෙන් ද සිය දීර්ඝ සටහනින් ඇය පවසන්නීය.

facebookImage copyrightFACEBOOKImage captionකැරොලයින් ජොන්සන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලියූ සටහන

ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ ට ජනාධිපති සමාව දීමට අදාළ නියෝගය ලැබුණු බව සෙනසුරාදා (නොවැම්බර් 10) බන්ධනාගාර බලධාරීහු පැවසූහ. ඒ අනුව ඔහු සෙනසුරාදා සවස කුරුවිට බන්ධනාගාරයෙන් නික්ම ව ගොස් තිබේ.

මේ පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන සාලිය පිරිස් විමසන්නේ, දැනට මරණීය දණ්ඩනය හිමිව සිටින දහස් ගණනක් පුද්ගලයන් අතරින් ජනාධිපති සමාව සඳහා 'රෝයල් පාර්ක්' මිනීමැරුමට වරදකරු වූ පුද්ගලයා තෝරාගත් ආකාරය දැනගැනීම කැමති බවය.

"මෙය විශේෂ සමාවක්."

නීතියේ ආධිපත්‍යයට විශාල බලපෑමක් ඇති කෙරෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතීඥ සංගමය මැදිහත් විය යුතු බවත් ඔහු පවසයි.

facebookImage copyrightFACEBOOK

තවත් ෆේස්බුක් සටහනකින් ඔහු පෙන්වා දෙන්නේ, අධිකරණමය කටයුතු මග හැර නිදහස ලබා ගැනීමට වෙනත් වැරදිකරුවන් ද දැන් කල් මරමින් සූදානම් වෙමින් සිටිනවා විය හැකි බවය.

"අධිකරණය ශක්තිමත් කළ යුතුයි. එහි ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කළ යුතුයි," යනුවෙන් ද ඔහු පවසයි.

facebookImage copyrightFACEBOOK

මේ අතර, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ෆේස්බුක් සටහනක් තබමින් රෝයල් පාර්ක් මිනීමැරුමේ සත්‍ය හෙළි කර ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කටයුතු කළ අකාරය පැහැදිලි කරයි.

facebookImage copyrightFACEBOOKපසුබිම:

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

කෙසේවෙතත්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ.

ඔක්තෝබර් 20 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි.

අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟය.

මේ තොරතුරුත් කියවන්න:

Ibnu Saheer Nov 12 '19 · Comments: 5 · Tags: ජූඩ් ශ‍්‍රමන්ත
Ibnu Saheer
දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය. 

පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් භූමියක් ලැබෙනු ඇති බවද අධිකරණය පවසයි. බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම ස්ථානය ඔවුන්ගේ වඩාත්ම ගෞරවයට පාත්‍රවූ දෙවි කෙනෙකු වන රාමිගේ උපන් ස්ථානය බවයි. 


මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් මෙම ස්ථානයට පරම්පරා ගණනාවක් තිස්සේ නමස්කාර කළ බවයි. 1992 වර්ෂයේදී හින්දු කලහකාරීන් විසින් කඩා බිඳ දැමූ මෙම මුස්ලිම් පල්ලිය 16වන සියවසට අයත් එකකි. 


එහිදි ඇතිවූ කළ කෝලාහල වලින් 2000කට ආසන්න පිරිසක් මිය ගියහ. ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබුණු හෙයින් ඊයේ (08) දිනයේදී සිය ගණනක් පිරිස් රඳවාගනු ලැබූ බව ඉන්දිය පොලිසිය පවසයි.

... more

Ibnu Saheer Nov 10 '19 · Comments: 1 · Tags: අයෝධ්‍යාව
Ibnu Saheer
බුර්කාව

ඌව පළාත තුළ බුර්කාව පළඳින කාන්තාවන් පිළිබඳව විශේෂ විමර්ශන සිදු කරන ලෙස පොලිසියට දැනුම් දුන් බව ඌව ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

බීබීසී සිංහල සේවයට ඔහු මේ බව කියා සිටියේ හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟ බුර්කා තහනම ද අහෝසි වීමෙන් අනතුරුව ය.

"බුර්කාවක් ඇඳ ගෙන යන්න කිසි ම උවමනාවක් නැහැ. බුර්කාව ඇඳගෙන යනව නම් ඌව පළාතේ, මම පොලිසිවලට කියල තියෙන්නේ, මේ ගොල්ලන්ගේ අන්තගාමී තත්ත්වයක් තමයි තියෙන්නේ, ඉතින් ඒ අය ගැන විමර්ශනය කරන්න ඕන."

"මම පොලිසියට කියල තියෙන්නේ බුර්කාව ඇඳල යනව නම් මේ කණ්ඩායම් ගැන පුළුල් විමර්ශනයක් කරන්න කියල." ඌව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඔහු කළ ප්‍රකාශය ඇතැම් නීති විශාරදයෝ අභියෝගයට ලක් කරති. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙය හැඳින්වූයේ නීතිය අභිබවා යාමක් ලෙසිනි.

"ආණ්ඩුකාරවරයා බලය අභිබවා යනවා. මේක නීතියේ ආධිපත්‍යයට දැඩි තර්ජනයක්. කොළඹ මුස්ලිම් කතක් බුර්කාව දාගෙන බදුල්ලට ගියොත් මොක ද වෙන්නේ. පරීක්ෂණ පවත්වන්න අත්අඩංගුවට ගන්නව ද?" මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

උසාවියImage copyrightTHINKSTOCKImage captionමානව හිමිකම් කඩ කිරීමක් ද?

බුර්කාව තහනම් කිරීමට අවශ්‍ය නම් ඊට නිසි ක්‍රමවේදයක් පවතින බවත් ප්‍රංශය වැනි රටවල් ඒ සඳහා විශේෂ පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමෙන් බුර්කාව තහනම් කර ඇති බවත් ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය මහානාමහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.

නමුත් ඌව පළාතේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ "මේක තහනමක් නෙවෙයි. පරීක්ෂා කිරීමක් කරන්නේ. සැකයක් ඇත්නම් ඒ ගැන පරීක්ෂා කිරීමට තහනමක් නැහැනේ," යනුවෙනි.

"හොරා පොලිස් හැංගි මුත්තං"

ඒ පිළිබඳව විමසූ විට මහාචාර්ය මහානාමහේවා කියා සිටියේ සැකයක් වේනම් එය "අපරාධනීය" සැකයක් විය යුතු බවය.

"ඔහුට යම්කිසි සැකයක් තියෙනවනම් ඒක අපරාධනීය සැකයක් විය යුතුයි. එහෙම නැතුව මුළු බදුල්ල වටේම බුර්කාව ඇඳගෙන යන හැම දෙනාගේම පස්සේ හොරා පොලිස් හැංගි මුත්තන් කරන්න පුලුවන්ද? ඔහු ආණ්ඩුකාරවරයා විදියට දන්නවද ඔහුගේ බලතල? ඔහු ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය දන්නවද? දැන් ඔහුද ඒ පළාතේ ඔත්තු සේවාවක් පටන් අරගෙන තියෙන්නේ?" ඔහු ප්‍රශ්න කළේය.

"සැකයක් තියෙනවනම් විමර්ශනය කිරීම කොහොමටත් පොලිසියේ කාර්යභාරයක්. ආණ්ඩුකාරවරයාගේ කතාවෙන් ගම්‍ය වෙන්නේ වෙනත් දෙයක්. බුර්කාව ඇන්දොත් පරීක්ෂණ කළ යුතුයි කියනවා. ඔහු විධායක ආණ්ඩුකාරවරයෙක් ද? විධායක ජනාධිපතිවරයා ඔහුට බලතල පවරලා දීල ද?" මහාචාර්ය මහානාම හේවා තවදුරටත් පැවසීය.

අපේ කට්ටිය විතරක් මොකටද මේ මෑතක ඉඳල ගල් යුගයට යන්න හදන්නේ?Image copyrightGETTY IMAGESImage caption"අපේ කට්ටිය විතරක් මොකටද මේ මෑතක ඉඳල ගල් යුගයට යන්න හදන්නේ?"

මේ අතර ඌව ආණ්ඩුකාරවර නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ තම පළාතේ ආරක්ෂාව තහවුරු කිරීම තමාගේ වගකීමක් බවය.

"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ රට තාම නැගිට්ටේ නැහැ. මුස්ලිම් ජනතාව ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක බෞද්ධ සංස්කෘතික රටක්. සියලු දෙනාම නම්‍යශීලී වෙන්න ඕන. ඇතැම් මුස්ලිම් රටවල පවා බුර්කාව පැත්තකින් තියල යනකොට අපේ කට්ටිය විතරක් මොකටද මේ මෑතක ඉඳල ගල් යුගයට යන්න හදන්නේ? ඒකෙන් තේරෙන්නේ මේ අය අන්තවාදීන්ගේ බලපෑමට ලක්වෙලා කියන එක තමයි."

ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු නම් අන්තවාදී කණ්ඩායම් ගැන රට පුරාම මෙසේ විමර්ශන දියත් කළ යුතු බව ද ඌව පළාතේ ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

"ඌව පලාතට විතරක්"

මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිවේදීනි භවානි ෆොන්සේකා දරන්නේ මෙවන් අදහසකි.

"හදිසි නීතිය ඉවත් වෙනකොට බුර්කා තහනමත් ඉවත් වුනා. ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කරන්න යන්නේ කුමන නීතියක් ද කියන එක මට පැහැදිලි නැහැ. මං දන්නා තරමට එහෙම නීතියක් දැනට නැහැ."

"මම හිතන්නේ නැහැ ඌව පලාතට විතරක් එහෙම නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියල. පොලිසියට උනත් නියෝග කරන්න මොකක් හරි නීතියක් තියෙන්න එපැයි. ආණ්ඩුකාරවරයාට පමණක් නීතියක් ගේන්න බැහැ. එහෙමනම් අඩු තරමේ ඌව පළාත් සභාවෙන් වත් එහෙම දෙයක් එන්න ඕන." භවානි ෆොන්සේකා නීතිවේදිනිය තවදුරටත් ප්‍රකාශ කළාය.

" ඇයි අපේ පළාතේ විතරක්?"Image copyrightGETTY IMAGESImage caption" ඇයි අපේ පළාතේ විතරක්?"

කෙසේ නමුත් ඇය අවධාරණය කර සිටියේ, සැකයක් වේනම් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ඕනෑම කෙනෙකුට පොලිසියෙන් ඉල්ලීමක් කළ හැකි බවත් එය ඉදිරියට ගෙන යාම හෝ නොයාම පිළිබඳව තීරණයක් ගැනීමට පොලිසියට බලය තිබෙන බවත්ය.

"රටේ පවතින තත්වය අනුව සැකයක් තියෙනවනම් පරීක්‍ෂණයක් පවත්වන්න පුළුවන්. නමුත් එය ඉන් ඉදිරියට ගෙන යනවනම්, කුමන නීතිමය පදනමක් මත එය සිදු කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන." නීතිඥවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.

"පාස්කු ප්‍රහාරයෙන් දෙතුන් සීයක් මැරුණ"

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ එමගින් මානව හිමිකම් කඩවීමක් සිදුවන බවය.

"කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න, ඇයි අපේ පළාතේ විතරක් චෙක් කරන්නේ කියල. ඇඳුම මත මිනිසුන් වර්ගීකරණය කරන්න බැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙන දෙයක්." ඔහු පැවසීය.

නමුත් ආණ්ඩුකාරවර නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ ඉන් මානව හිමිකම් කඩකිරීමක් නොවන බවය.

"සැකයක් ඇත්නම් පරීක්ෂණ පැවැත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවෙයිනේ. පාස්කු ප්‍රහාරයෙන් දෙතුන් සීයක් මැරුන. ඒ අයගේ මානව හිමිකම් ගැන කවුද කතා කරන්නේ?" ආණ්ඩුකාරවරයා ප්‍රශ්න කරයි.

"පළාතේ ආරක්ෂාව"Image copyrightGETTY IMAGESImage caption"පළාතේ ආරක්ෂාව"

"ඇඳුම මත වර්ගීකරණයක් කළොත් 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය කඩ කිරීමක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයත් කඩ වෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම මෙහෙයවීමත් මෙතන දී කඩ වෙනවා." මහාචාර්ය නීතිඥ මහානාමහේවා ප්‍රකාශ කළේය.

"අන්තගාමීන්ගේ සම්බන්ධයක්"

මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ බුර්කාව පිටුපස අන්තගාමීන්ගේ සම්බන්ධයක් පවතින බවය.

"අවුරුදු 600ක් 700ක් විතර කාලෙක ඉඳල මුස්ලිම්වරු අපේ රටේ හිටිය. එතකොට මේ බුර්කාව ඇන්දේ නැහැනේ. ළඟකදී ඉඳලා නේ මේ කෝලං ඔක්කොම පටන් ගත්තේ. ඒ කියන්නේ මේකට අන්තගාමීන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලනේ," ඌව ආණ්ඩුකාරවරයා පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂාව සහ පළාතේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් තමන් එම තීරණයට පැමිණි බවය.

නමුත් මහාචාර්ය මහානාමහේවා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ "එක එක පලාතට හිතෙන හිතෙන නීති පැනවීමට ආණ්ඩුකාරවරුන්ට බැහැ," යනුවෙනි.

"ජාතික ආරක්ෂාව කියන්නේ මුළු රටටම බලපාන දෙයක්. අනෙක් පලාත්වල ආණ්ඩුකාරවරු දැන් මොකද කරන්නේ? දැන් ඔහු කියන විදියට මුළු රට ම අනාරක්ෂිතයි. ඌව විතරයි ආරක්‍ෂිත."

"රටේ ම ආරක්ෂාව භාරව ඉන්නේ ජනාධිපතිවරයා. රාජ්‍ය අමාත්‍යවරයෙකුත් ඉන්නවා. එතකොට ඒ ගොල්ලෝ දැන් වගකීමෙන් බැහැර වෙලාද? ආණ්ඩුකාරවරයාට අවශ්‍යනම් ඔහුට පුළුවන් එය ජනාධිපතිවරයාට දැනුම් දෙන්න. ආරක්ෂක ලේකම්ට ලියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න," ඔහු ප්‍රකාශ කළේය.

උලමා සංවිධානය

මේ අතරතුර, හදිසි නීතිය ඉවත් වීමෙන් අනතුරුව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

රටේ පවතින දේශපාලන තත්වය මත, ප්‍රසිද්ධ ස්ථානවල සම්පුර්ණ මුහුණ වසාගෙන සිටීමෙන් මුස්ලිම් කාන්තාවන් යම් අපහසුතාවලට මුහුණ දීමේ ඉඩකඩක් පවතින බැවින් එවැනි අවස්ථා මගහැරෙන සේ වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස එම නිවේදනය මගින් මුස්ලිම් ජනතාවට උපදෙස් දී ඇත.

BBC


උපුටා ගැනීම - BBC සිංහල

Ibnu Saheer Oct 6 '19 · Comments: 2 · Tags: බුර්කාව
Ibnu Saheer

ශ්‍රී ලංකාව ලෝක වාර්තා තැබීම අතින් සෑහෙන ප්‍රසිද්ධය. ඒවායින් ස්වල්පයක් හොඳ වාර්තා වුව ද බොහෝ ඒවා නරක වාර්තාය. මේ වන විට වැඩිපුරම රජයේ නිවාඩු බුක්ති විඳීම අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමේ වාර්තාව අපි හිමිකරගෙන සිටින්නෙමු.

2020 වන විට ඒ අතින් අප ප්‍රථම ස්ථානයට පත්වනු නියතය. එම අවස්ථාව සතුටින් සමරන්න ද නැතහොත් ඊට දුකෙන් හඬන්න ද යන්න තීරණය වන්නේ ඔබ රජයේ සේවකයකු වීම හෝ නොවීම මතය. ඒ තරම් විශ්වාසයකින් ඒ බව ඔබ පුරෝකථනය කරන්නේ ද? යන්න කෙනෙකුට ඇසිය හැකි වේ. එය අසන්නට වටිනා ප්‍රශ්නයකි. අපි ඒ ගැන විමසා බලමු.

2020 ලේඛනය අනුව ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු 26 කි. කාම්බෝජය, අප පරදවා ඇත්තේ එහි 28 ක් තිබීම නිසාය. ශ්‍රී ලංකාවට පසු පසින් සිටින්නේ රජයේ නිවාඩු 21 ක් ඇති ඉන්දියාව සහ කසකස්ථානයයි.

පසුගිය මාසයේදී කාම්බෝජ රාජ්‍යය රජයේ නිවාඩු සංඛ්‍යාව, ලබන වසරේ පටන් 28 සිට 22 ට අඩු කරන්නට තීරණය කර ඇත. එකී රාජ්‍යයේ, රජයේ නිවාඩු වල ප්‍රධාන වෙනස සිදු වූයේ  බමර් අලුත් අවුරැදු  “Khmer New Year” නිවාඩු කාලය දින තුනේ සිට හතර දක්වා වැඩි වීමත් රජතුමාගේ තුන් දින උපන් දින සැමරුම් නිවාඩුව එක් දිනයකට සීමා කිරීමත්ය. තවත් අනෙකුත් වැදගත් කමෙන් අඩු නිවාඩු දින ද කපා හරින ලදී.

කාම්බෝජියානු කැලැන්ඩරයේ සිදුවන මෙම වෙනස සමඟ ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින අතින් ප්‍රථම ස්ථානයට පත්වනු ඇත. ශ්‍රී ලංකාව මෙසේ ඉහළම ස්ථානයේ වැජඹෙන්නට ඉඩ හරිමින් අපි වෙනත් විවිධ රටවල ශ්‍රම බලකාය බුක්ති විඳින රජයේ නිවාඩු සමඟ මඳක් එය සසඳා බලමු. ආසියා පැසිෆික් කලාපයේ රජයේ නිවාඩු 18 ක් ඇති පිලිපීනය ළඟට රජයේ නිවාඩු 17 බැගින් ඇති චීනයත්, හොංකොං දූපතත් ඊළඟට ඇත. තායිලන්තයේ නිවාඩු දින 16 කි. මැලේසියාවේ සහ වියට්නාමයේ නිවාඩු දින 15 බැගින් ඇත. ඉන්දුනීසියාවේ 14 කි. තායිවානයේ සහ දකුණු කොරියාවේ 13 කි. සිංගප්පූරුවේ 11 ක්ද ඕස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ නිවාඩු දින 10 බැගින් ද ඇත.

ලෝක වෙළඳාමට දායකව ඉන්නා රටවලින් 80% ක් සාමාජිකත්වය දරන ඨ 20 රටවල සාමාන්‍ය නිවාඩු දින ගණන වසරකට 12 කි.
 
ස්වීඩනය සහ ලිතුවේනියාව ඇතුළු යුරෝපයේ ද නිවාඩු දින ගණන එතරම් නරක නොවන්නේ එම රටවල නිවාඩු සංඛ්‍යාව 15ක් බැවිනි. ස්ලෝවැකියාවේ 14 කි. ඔස්ටි්‍රයාවේ, බෙල්ජියමේ සහ නෝර්වේහි නිවාඩු ගණන 13 කි. පින්ලන්තයේ සහ රුසියාවේ 12 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින 11 ක් නිවාඩුය. විශේෂයෙන් ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය නිවාඩු දින ගැන වැඩි තැකීමක් නැත. එම රටවල රජයේ නිවාඩු 8 කි.

පමණට වැඩි නිවාඩු
ජනප්‍රියව පවතින මතය වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු මදිය යන්න වුව ද මෙම තොරතුරුවලින් අනාවරණය වන්නේ වෙනත් කතාවකි. මෙම රජයේ නිවාඩු වලට සති අන්ත සෙනසුරාදා හා ඉරිදා දින එකතු කළ විට අවුරුද්දකට නිවාඩු දින 125 ක් පමණ අපේ රජයේ සේවකයකුට හිමි වේ. සරලව කිවතොත් ඔවුන් තමන්ට හිමි නිවාඩු පහසුකම් ලබා නොගත්ත ද ඔවුන් අවුරුද්දකට වැඩ කරනුයේ මාස හතකුත් සතියකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය වශයෙන් බහු වාර්ගික උද්‍යෝගිමත් සමාජයක් ඇති බැවින්  නිවාඩු සහිත විවිධ උත්සව සැමරීම සිදු වේ. එය ඇත්තෙන්ම අගය කළ යුත්තකි. එසේ වුව ද අප නිවාඩු අතින් ලෝක වාර්තා තැබිය යුතු බව ඉන් අදහස් නොවේ. ජාතික සංවර්ධනය පෙරදැරි කරගෙන ලෝක වාර්තාවලින් තොරව අපට නිවාඩු ගැන සිතා බැලිය හැකිය.

පක්ෂ හා විරුද්ධ මත
 විවේකය හේතු කොටගෙන විවිධ ආර්ථිකමය ඵල හට ගනී යන සංකල්පය දැඩි ලෙස නිවාඩු දින සමඟ බැඳී ඇත. එක් අතකින් වැඩිවන විවේක කාලය විසින් පුද්ගලයාගේ සතුට වැඩිකරනු ලබයි. 2009 OECD වාර්තාව (ආර්ථික සහයෝගීතාව හා වර්ධනය පිණිස වූ සංවිධානයේ වාර්තාව) “සාමාන්‍ය රටක, ජීවිතයේ තෘප්තිමත් බවේ මට්ටම, විවේකීව ගත කරන කාලයට අනුලෝමව සමානුපාතික වන බවයි.” අනිවාර්ය නිවාඩු දින සංඛ්‍යාව සහ විවේක කාලය අතර අනුලෝම සම්බන්ධතාවක් ඇති බව ද එකී වාර්තාව පවසයි. එහි තවදුරටත් පවසන්නේ විවේකී බව විසින් සාමාන්‍ය යහපත් බවේ ස්වභාවය හිමිකර ගනී. ආදායම් වර්ධනයට මෙන්ම එයට ද ඉල්ලුමක් ඇත.’ යනුවෙනි.

අනිවාර්යය රජයේ නිවාඩු සපයා දීම නිසා ජනයාට තම පවුලේ උදවිය සමග කාලය ගත කිරීමටත් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියාකාරකම් කිරීමටත් හැකියාව ලැබේ. ඊට අමතරව නිවාඩු දින මගින් ආගමික උත්සව සංස්කෘතිකමය සහ අනෙකුත් සමාජ අනන්‍යතා පවත්වා ගැනීමේ හැකියාව උදා වේ. ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය වූ සාරධර්ම ආරක්ෂා කිරීම සෑම දෙනාගේ යුතුකම වේ යන මතය එයින් ශක්තිමත් කෙරේ.

විවේචන
කෙසේ වුව ද දැනට පවතින රජයේ නිවාඩු ක්‍රමයේ හානිකර පැත්ත බොහෝ සෙයින් විවේචනයට ලක්ව ඇත. පමණට වැඩි නිවාඩු නිෂ්පාදන ඵලදායිතාවට අහිතකර ලෙස බලපායි. පමණට වැඩි නිවාඩු දින පැවැතීම ආර්ථිකයට මෙන්ම මධ්‍යම මූල්‍ය පද්ධතියට ද හානිකර වෙයි. “සාධාරණ සීමාව” ඉක්මවා නිවාඩු දින පැවැති විට රටක ඵලදායිතාවට අහිතකර බලපෑම් ඉන් ඇති වේ. රටක මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළඳ පොළ, ගෝලීය ප්‍රවණතාව කරා යෑමට උත්සාහ දරන විට විටින් විටට ඇති නිවාඩු දින වලින් ඊට සිදුවන හානිකර බව ද නිසි සේ අවබෝධ කරගෙන නැත.

රටේ යාන්ත්‍රණය දීර්ඝ කාලීනව නවතා තැබීම වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණමය පියවර ගතයුතු බවට බොහෝ ප්‍රවීන වෘත්තිකයන් යෝජනා කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් දේ වෙනස් වන බවක් නොපෙනේ. වෘත්තීය සමිති විසින් පවත්වා ගෙන යන අධිකාරි බලයට අභියෝග කිරීමට කිසිවකු ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත.

විසඳුම්
එක් හොඳ යෝජනාවක් නම් නිවාඩු දින සංඛ්‍යාව වෘත්තිය, කර්මාන්තය හෝ ව්‍යාපාරය අනුව වෙනස් කළ යුතුය යන්නයි. වර්තමානයේ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන්නේ එකම තරමේ “ඇඳුම සැමටම ඇන්ද වීමේ” ක්‍රමයයි. රාජ්‍ය අංශය ගතහොත් එහි විවිධ අමාත්‍යාංශ ඇත. විවිධ දෙපාර්තමේන්තු වලට විවිධ කාර්ය භාර ඇත. එම වැඩ උපරිමයට යන්නේ අවුරුද්දේ එකිනෙකට වෙනස් කාල වලදීය. දැනට නිර්දේශ වී ඇති ක්‍රමය අනුව නිවාඩු එක් එක් කාර්ය සටහන් වලට අනුව සකසා සංවිධානය කළ හැකිය. මෙම යෝජනා මගින් සලකා බලන්නේ එක් එක් කාර්ය භාරවලට ගැළපෙන පරිදි නිවාඩු වෙන්කොට බෙදා දැක්වීමට හැකියාව පවතින්නේ ද යන්නයි. ඉතිහාසගත සංස්කෘතික දින දර්ශනයට අනුකූලව නිවාඩු දින ඇතුළත් කිරීමට වඩා එය ඵලදායි වනු ඇත.

තවත් නිර්දේශයක් වනුයේ තනි තනි සේවකයා තෝරා ගන්නා පරිදි නිවාඩු සංඛ්‍යාවත් ඒවා ගන්නා දිනයත්, සමස්ත සංවිධානයේ ඵලදායිතාව සලකා බලා ගන්නට ඉඩ හරින්නා වූ සමස්ත නම්‍යතාවය පවතින ක්‍රමයකි.

එසේම රජයේ නිවාඩු, රජයේ හා බැංකු සේවකයන්ට දුන් විට ඒවායේ බලපෑම පෞද්ගලික අංශයේ සංවිධාන කරා ද විහිද යන්නේ ඒවායේ කටයුතු රාජ්‍ය සේවා හා බැංකු සේවා මත තීරණය වන බැවිනි. උදාහරණයකට හදිසි ණයවර ලිපියක් (LC) විවෘත කර ගැනීම නැතහොත් ආනයනය කළ වැදගත් නැව් බඩු නිදහස් කරවා ගැනීම දැක්විය හැකිය. ඒ මගින් බැරෑරුම් ලෙස, ආර්ථිකය කෙරේ සෘණාත්මක බලපෑම් ඇති වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනය මෑතකදී, සතියක් තරම් දීර්ඝ වූ "Golden Weeks" නමින් හැඳින්වෙන නිවාඩු දීම පිළිබඳව නැවත සලකා බලා තිබේ. ඒ වෙනුවට සමානව පැතිරී ගිය රජයේ නිවාඩු දීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.

අපට කාම්බෝජයෙන් පාඩමක් ඉගෙන ගත හැකිය. ආරම්භයකට, අපට අපේ නිවාඩු දින දර්ශනයෙන් දවස් හත අටක් කපා හැර ඒවා වාර්ෂික නිවාඩු දින වැඩිකර ගැනීම සඳහා උපයෝගී කරගත හැකිය. එවිට සේවකයන් දැන් ගන්නා තරම් දරුණු වෘත්තිය ක්‍රියාමාර්ග නොගනිතැයි බලාපොරොත්තු විය හැකිය. අපට සේවකයන්ට කැමැති පරිදි නිවාඩු දිනවල වැඩ කිරීමට යෝජනා කරමින් මෙම ක්‍රමය වෙනසකට  ලක් කළ හැකි වේ. වැඩ කරන නිවාඩු දිනවල ඔවුන්ට අමතර මූල්‍යමය සහන දීමනාවක් හෝ වෙනත් දිරි දීමනාවන් සැපයීම යෝග්‍ය වේ. ආරම්භයේදී එම සේවකයන්ට නිවාඩු දිනවල ප්‍රවාහන සේවා වැනි උපකාරක සේවා ලබා දීම ද කළ හැකි නම් වඩා යෝග්‍යය. කලක් ගත වෙත්ම මෙම සේවා වඩාත් වර්ධනය කළ හැකිය.

නැවත සිතා බැලීම
රජයේ මෙම නාස්තිකාර නිවාඩු ක්‍රමය පිළිබඳ නැවත සිතා බැලීම හොඳය. මෙම ක්‍රමය පෞද්ගලික අංශයේ පමණක් නොව පොදු ජනයාගේ ද අවමානයට පාත්‍රව ඇත. උදාහරණයකට, හින්දු සහ ඉස්ලාමීය උත්සව දින වල මුළු රජයේම මෙහෙයුම් කටයුතු නවතා දමන්නේ ඇයි? ජනගහනයෙන් 70% ක් පමණ බෞද්ධයන් වූ කළ එසේ කිරීම සුදුසු ද?

ශ්‍රී ලංකාවේ බහු ආගමික, බහු සංස්කෘතික ලක්ෂණ නිසා විවිධ සමාජ සමූහවලට රජයේ නිවාඩු දීමෙන් එම සමූහයෙන් පිටත අයට සැලසෙන සුබසෙත කුමක් ද යන්න පැහැදිලි නොවේ.

ඉදිරියේදී විමසීමට නඩු දහස් ගණනක් තිබියදී ඒවායේ වැඩ නවතාගෙන, පවතින නිවාඩු දිනවලට අමතරව උසාවි වලට දීර්ඝ නිවාඩු දිය යුත්තේ ඇයි? අප පොහොය දින නිවාඩුව සෑම පොහොය දිනකටම වලංගු බව ප්‍රකාශයට පත් කළ යුතු ද? එසේ නැතහොත් විශේෂ වැදගත් කමක් ඇති පොහොය දින පමණක් නිවාඩු දුනහොත් නොසෑහේද? මෙම ප්‍රශ්න අප අපගෙන්ම අසාගෙන පිළිතුරු සොයා බැලිය යුතුය.

කෙසේ වුව ද ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ නිවාඩු දිනවලට ආශා කරති. ශ්‍රී ලංකාවේ රාජ්‍ය කටයුතු ආගම හා සම්බන්ධ වීම තර්ජනයට ලක්ව ඇතැයි මතයක් පවතී. එහෙත් එය ආගමික නිවාඩු දින කෙරේ ගෞරවයෙන් පවසන්නක් නොවේ. තමන්ගේ නොවන එහෙත් සමීපතමයන්ගේ ආගමික උත්සව සඳහා නිවාඩු ඉල්ලමින් මැසිවිලි නඟන්නන් පිළිබඳව මෙම රචකයා කිසි දින අසා නැත.

මීට අමතරව, ප්‍රභූ පුද්ගලයන්ගේ මරණ, දේශීය ආගමික උත්සව, වැඩවර්ජන නිසා ආයතන වසා දැමීම ආදිය හේතුවෙන් ඉඳහිට නිවාඩු වේෂයෙන් ලැබෙන වාසි ද සැලසේ. මේ සියල්ල අතරතුර නිවාඩු දිනවල මත්පැන් අලෙවිය ද ගජරාමෙට සිදුවෙයි.

නිවාඩු ප්‍රතිපත්තිය
රටේ ඉරණම හැඩ ගැන්වීම කිරීම කෙරෙහි වගකීම දරනුයේ ශ්‍රම බලකාය යන්න විශ්වාසය කරන අතරම සුවපහසුව සහ මහන්සි වී වැඩ කිරීම කෙසේ සමතුලනය කරගන්නේ ද යන්න අසීරු කටයුත්තකි.

 තොරතුරු තාක්ෂණය පිළිබඳ විප්ලවයක් සිදුවෙමින් පවතින මේ යුගයේ බොහෝ දින ගණනක් කාර්යාල වසා තැබීම අයුක්තිසහගතය.

ජනතාව ආගමික උත්සව සැමරීම සඳහා නිවාඩු ගත යුතු නොවේය යන්න මෙම ලේඛකයා යෝජනා කර සිටින්නේ නැත.

නිවාඩු දින සංඛ්‍යාව පිළිබඳ විවාදයකට එන්නට ද මෙම ලේඛකයාට අවශ්‍ය නැත. එහෙත් අප ජාතියේ සමාජ ආර්ථික දියුණුව කෙරේ රජයට පැවරී ඇති කාර්ය භාරය දෙස බැලූ විට රාජ්‍ය සේවය හැකිතරම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම පෙනී යයි. ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන විට, කලින් සිදුවූවා සේම මුලදී එය අසීරු විය හැකි වුව ද කාලයත් සමග එම ගැටලු විසඳාගත හැකිය.

2019 සැප්තැම්බර් 23 Daily Mirror පුවත්පතේ පළවූ ලයනල් විජේසිරි ලියූ Yes Sri lanka has too many public holidays ලිපිය පරිවර්තනය කළේ සමන් පුෂ්ප ලියනගේ

උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Pages: « 1 2 3 4 5 ... » »»

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics