User blogs

Yahamaga

මේ දිනවල රටේ සිදුවන දේශපාලන වෙනස සමඟ සමාජය තුල විවිධ වූ මතවාද අදහස් ද ප්‍රකාශ වෙමින් ඇත. පිරිසත් මෙම වෙනස රටේ සුළු ජනයාට එතරම් හිතකර නොවන බව පවසන විට තවත් පිරිසක් මේ නව වෙනස රටේ සියළු ජනයාට යහපතක් ගෙනදෙනු ඇති බවට පවසයි. නමුත් සැබෑව කුමක්ද? යන්න කාලය විසින් තීර්ණය කරණු ඇත. නමුත් එක් කාරණයක් අත්දැකීමෙන් ම පැහැදිලිව පැවසිය හැක. එනම්, කවුරුන් කුමන තීන්දු තීරණ ගත්තත් රටේ සුළුතරය වන අපට එයින් යහපතක් සිදුවෙනු ඇතැයි කිසිදු විටෙක අපේකෂා කල නොහැක.

  • බොහෝමයක් මුස්ලීම් මන්ත්‍රීවරුන් රටේ මුස්ලීම් ජනයා ලංසුවට තබා ඇමති, නියෝජ්‍ය ඇමති තනතුරු ලබාගනු ඇත.
  • බොහෝමයක් මුස්ලීම් ව්‍යාපාරිකයන් හා ජනතා නායකයින් මුස්ලීම් ජනතාව ලංසුවට තබා තම ව්‍යාපාර හා පවුල් පසුබිම ශක්තිමත් කරගනු ඇත.
  • බොහෝමයක් මුස්ලීම් ආගමික පූජනවරුන් හා ප්‍රභූවරුන් තම ජනයා ලංසුවට තබා තම ආර්ථිකය තරකරගන්නා ගමන් පුහු ආඩම්භරයක් ගෞරවයක් සමාජයෙන් දිනාගනු ඇත.
  • බොහෝමයක් මුස්ලීම් ජනයා දේශපාලන පිල්බෙදී එක් එක් පක්ෂවලට ආවඩා අවසානයේ පසුතැවෙනු ඇත.

මෑත ඉතිහාසයේ මේ මා පවසන වෙනසට වඩා වෙනසක් ශ්‍රී ලාංකීය දේශපාලනය තුල අප දැක නොමැත. තවත් සරලව පවසනවා නම්, මේ රටේ මුස්ලීම් ජනතාව සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ න්‍යයපත්‍රයේ හා මුස්ලීම් ජන නායකයින්ගේ ක්‍රියා කලාපයේ කිසිදු වෙනසක් අපේක්ෂා කල නොහැක. ඒ අනුව මේ රටේ දේශපාලන ප්‍රවාහය තුල සුළු ජනතාව වන මට ඔබට අවසානයේ ඉතිරි වන්නේ රටේ පාලකයින් හා නායකයින් පිලිබදව නොසතුටක් කලකිරීමක් පමණි. මෙම තත්වය මුහම්මද් (සල්) තුමාණන් ඉතා සරලව ‘යහපත් හා අයහපත් නායකයින්’ හදුනගන්නේ කෙසේද යන්න පිලිබදව විස්තර කිරීමේ දී මෙසේ පවසන ලදී.

නබි (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘නුඹලාගේ නායකයන් අතුරින් යහපත් පිරිස වන්නේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුන්ට නුඹලා (යහපත)ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත)ප්‍රාර්ථනා කරන තත්වයේ නායකයින්ය. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින්ය.

මූලාශ්‍ර ග්‍රන්ථය :- මුස්ලිම්

එසේනම් අපේ නායකයින් සිටින්නේ කොතැනද? යන්න තීන්දු කිරීමේ අයිතියත්, මේ දේශපාලන ප්‍රවාහය තුල ඔබ නියෝජනය කරන්නේ කොතැනද? යන්න තීන්දු කිරීමේ අයිතියත් ඔබට ම ලබාදෙමින් මේ ලිපිය අවසන් කරන්නේ ‘දෙවියනි!, මේ රටේ මුස්ලීම් ජනයාට නිදහසේ ජීවත් විය හැකි ඔවුන්ගේ ව්‍යාපාර නිදහසේ කලහැකි පරිසරයක් මේ රටතුල උදාකරදෙන්න’ යන ප්‍රාර්ථනයෙනි.

 

ඉබුනු සහීර්


උපුටා ගැනීම  - යහමග

Ibnu Saheer


ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී, අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස විශ්වාස කෙරෙන මොහොමඩ් සහරාන් හෂීම් ඔත්තුකාරයකු ලෙස රජයන් වැටුප් ලබාගෙන ඇති බව තහවුරු වෙයි.

පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු කල්ලි කණ්ඩායම් වලට මුල්‍යමය වශයෙන් ආධාර උපකාර කළේ තම ආණ්ඩුවෙන් බවට රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමතිවරයකුව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ‘හිරු’ නාලිකාවේ ‘බලය’ වැඩසටහනට එක්වෙමින් කරනු ලැබූ අනාවරණයකින් එම කාරණය තහවුරු විය.

හිටපු ඇමතිවරයා ඉතාමත් ආවේගශීලිව එබව පැවසුයේ, එම රුපවාහිනී වැඩසටහනට එක්ව සිටි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සමග ඇතිවූ උණුසුම් සංවාදයක දිය.sep 21 Text 5

මීට පෙර අවස්ථාවක දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ රජයෙන් වැටුප් ගෙවා ඇත්තේ ඔත්තුකරුවන්ට බවත් ඔවුන්ගේ නම් හෙළිදරවු කිරීම බලවත් වරදක් බවත්ය .

කෙසේවුවද පසුගිය ජුනි 04 දා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ තිස් දෙනකුට පසුගිය රජය වැටුප් ගෙවා ඇති බවයි.

සාමාන්‍යයෙන් ඔත්තුකරුවන් ලෙස සලකන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට පිටතින් ඇතුළුකොට තොරතුරු ලබාගැනීමට යොදවන උදවියයි. ඇතැම්විට සංවිධානයේ සිටින අයටද මුදල් ගෙවා ඔත්තු ලබාගැනීම සිදුවෙයි. මරාගෙන මැරෙන සංවිධානයක නායකයකු ඔත්තුකරුවකු ලෙස සලකා වැටුප් ගෙවීම විශේෂ තත්වයකි.

මෙවැනි තත්වයක් තුළ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා හා නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිවරයා ‘හිරු’ සංවාදයේ දී සහරාන් සම්බන්ධයෙන් ප්‍රකාශිත කොටස කිසිඳු සංශෝධනයකින් තොරව පහත සටහන් කර තිබේ.

නලින් බණ්ඩාර:

”මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සහරාන්ලව  කිරි පොවලා හැදුවේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. සීඅයිඩී එකෙන් ඔප්පුවෙලා තියෙනවා සහරාන් ඇතුලු කල්ලිය නිර්මාණය කළේ, ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015 ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.”

කෙහෙළිය:

”පොට්ටු අම්මාන්ගේ දෙවෙනියාටත් අපි පඩි ගෙව්වා. ඔව් එයා බුද්ධි අංශයේ හිටියේ. බුද්ධි අංශයෙන් අපි වැඩ ගත්තා. මෝඩකමට බුද්ධි අංශයේ එවුන් ටික  හිරේ දාලා ඉවරවෙලා බෙරිහන් දුන්නට වැඩක් නෑනේ.”

නලින් බණ්ඩාර:

”හරි ඒකෙන් ඔප්පු වෙනවා ඔබතුමාලා පොට්ටු අම්මාන්ටත් ගෙවුවා සහරාන්ටත් ගෙව්වා කියලා. හරි බොහොම ස්තූතියි.”

කෙහෙළිය:

”ඔව් හරි හරි”

නලින් බණ්ඩාර:

”අන්න හරි හරි කිව්වා. ඔන්න බලාගන්න සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. හරි බොහොම ස්තූතියි. සහරාන්ට ගෙව්වා”

කෙහෙළිය:

”නෑ නෑ පොට්ටු අම්මාන්ටත් ගෙව්වයි කියන එක ඒකෙදි පටලවා ගන්න එපා”

නලින් බණ්ඩාර:

”හරි දැන් සහරාන්ටත් ගෙව්වා කිව්වා හරිනේ”

කෙහෙළිය:

”ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ. ඒ සහරාන්ලගේ තොරතුරු ටික ඉන්දියාවෙන් දීලත් අහක බලාගෙන හිටියා පොන්නයෝ ටිකක්.

නලින් බණ්ඩාර:

”ඔය සහරාන්ලාට පඩි ගෙවලා තමයි මේ රටේ දෙසිය පනහකටත් වැඩි පිරිසක් මරන්න වැ‌ඩේ පටන් ගත්තේ. ඔබතුමාට කිරි පොවපු ඒ නයි තමයි අහිංසක කතෝලික ජනතාව මරලා දැම්මේ. ඔන්න අද පිළිගත්ත මම ජනතාවට කියනවා කෙහෙළිය රඹුක්වැල්ල අද මුළු රට ඉදිරියේ පිළිගත්ත සහරාන්ට පඩි ගෙවලා කිරි පොවපු ඒ සහරාන්ගේ කල්ලියට මේ රටේ කරපු අපරාධය භාර කරපු අය කියලා.  එදා කාලකන්නි සහරාන්ට පඩි ගෙවලා ඒ නිදාගෙන හිටපු සහරාන්ට 250කට වැඩි ඝාතනයන් කරන්න පඩි ගෙව්වා.”

කෙහෙළිය:

‘කවුද කිව්වේ ?”

නලින් බණ්ඩාර:

”ඔබතුමා දැන් පිළිගත්තේ. ඒ නිසා පැහැදිළිවම ඔබතුමාල වගකියන්න ඕනා ඒ දෙසිය පනහහට වැඩි පිරිසක් ඝාතනය වුණු මිනිස්සුන්‌ගේ ජීවිතවලට. ඔබතුමාල නිර්මාණය කරපු සහරාන්ල නිසා. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව දැනගන්න ඕනේ අද හෙළිවුණා.

අද කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා 2015 ට කලින් සහරාන්ට පඩි ගෙවලා කිරි පොවලා ඒ හදපු ඒ නයි පැටව් ටික තමයි මහා නාගයෝ වෙලා කොටි වෙලා මේ රටේ විශාල ඝාතනයන් කරේ, ඒ කිරි පොවපු උන් තමයි කියලා . ඔබතුමාලාගේ ආණ්ඩුව   ඒක බාරගන්න ඕනේ. ඔබතුමාල හදපු උන් තමයි මේ රටේ ජනතාව ඝාතනය කෙරුවේ.”

කෙහෙළිය:

”මේ ආණ්ඩුව පොල් ගෑවද?”

නලින් බණ්ඩාර:

”හරි දැන් ඔබතුමාල කිරි පොවලා දැන් අපි අල්ලන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව විශේෂයෙන් කතෝලික ජනතාව අද දැක්කා ඔප්පු වුණා. අපි කාදිනල් තුමාටත් කිව්වා. කෙහෙලිය රඹුක්වැල් පිළිගත්තා සහරාන්ට පඩි ගෙවලා, සහරාන්ගේ කල්ලියට පඩි ගෙවලා මෙයාල තමයි සහරාන්ලව නිර්මාණය කරේ කියලා. එතකොට ඔයාල දැන් බුද්ධි තොරතුරු ගන්නනේ පඩි වෙව්වේ. හා හොඳයි හොඳයි. එතකොට එහෙම කරලා හදපු කිරි පොවපු නයි ටික දෂ්ඨ කරාට පස්සේ හොඳ නැහැ. ඔබතුමාල තමයි හැදුවේ සහරාන්ලව. හොඳට මතක තියාගන්න.

කෙහෙළිය :

” ඉතින් මොකද ප්‍රශ්නය?”
නලින් බණ්ඩාර :

”ඒ නිසා  ඒ පාපයෙන් ඔබතුමාලට බේරෙන්න බැහැ. අහිංසකයෝ නිකන් මරණයට පත්වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයෝ ඔබතුමාල ඇතුළු සියලු දෙනා වගකියන්න ඕනේ සහරාන්ල කරපු මරණවලට. සහරාන්ල නිර්මාණය කරපු අයට ඒකෙන් බේරෙන්න බැහැ. ඒ බිජු වපුරපු අය තමයි මේවට වගකියන්න ඕනේ. එතනින් තමයි පටන් ගත්තේ. සහරාන්ල හැදුවේ ඔබතුමාල ඕවට තමයි. මේ රටේ ජාතිවාදී අරගල ඇති කරන්න මුස්ලිම් අන්තවාදය ඇති කරන්න සහරාන්ල හැදුවේ ඔබතුමාල.

උපුටා ගැනීම - http://www.andaharaya.com/%e0%b7%83%e0%b7%84%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a9/?fbclid=IwAR0ljV7vGjkmb80aIGlPHQx0V1IBTIZP3zd8jxhNfNXicubYI3dE8zCE2ZI

Ibnu Saheer

විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි.  මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ 1938 පෙබරවාරි 25 වැනි දිනය. යම්කිසි භූමියක් වනසත්ව හා වෘක්ෂලතා අඥාපනතට අනුව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කළ පසු එම ප‍්‍රදේශයේ පාලනය ගැන නෛතික වගකීම භාරවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. සාමාන්‍යයෙන් වනෝද්‍යානයක් ජාතික වනෝද්‍යානයක තත්වය ලැබීමට මිළ කළ නොහැකි පාරිසරික‐ජෛවීය වටිනාකමක් තිබිය යුතු අතර එවැනි පරිසර පෙදෙසක් රැකගැනීමේ වගකීම ද එක් පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමකට හෝ නිලධාරී මණ්ඩලයකට පැවරීමෙන් නිමා නොවන සමස්ත ජාතිය මත පැටවෙන පුළුල් වගකීමක් බවට පත්වේ. විල්පත්තුව සම්බන්ධයෙන් නිරවද්‍ය මෙන්ම සාවද්‍ය තොරතුරු ද සමාජයේ වේගයෙන් සැරිසරන්නේ මේ හේතුව නිසාය.

විල්පත්තුවට අදළව මෑත කාලයේ මතුවූ සංවාද එකින් එක ගෙන විග‍්‍රහ කිරීමේදී එම සංවාද සියල්ලම පාහේ දේශපාලන, ජනවාර්ගික, ආගමික හෝ එතැනිනුත් ඉදිරියට ගොස් ජාතිවාදි ස්වරූපයක් ගැනීම පොදු ලක්ෂණයක් වී තිබේ. මෙම සංවාද සියල්ලම එක් අන්තයකට තල්ලූ කිරීම නිසා සිදුවුයේ  විල්පත්තුවේ පරිසර ප‍්‍රශ්නය, ප‍්‍රශ්නයක් ලෙස දැකීමට තිබූ ඉඩ අවහිර වීමය. එමනිසා විල්පත්තුවට සිදුවන හෝ සිදුවී ඇති හානියේ ප‍්‍රමාණය ගැන හරි අවබෝධයක් ලබාගැනීමට සමාජය අපොහොසත් වී තිබේ. විල්පත්තුවේ පරිසර ප‍්‍රශ්නය දේශපාලනික ආගමික හෝ ජාතිවාදීමය අන්තයන්ට තල්ලූ නොකර සැබෑ ප‍්‍රශ්නය තේරුම්ගැනීම මේ මොහොතේ මතුව තිබෙන ජාතික අවශ්‍යතාවයකි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආගමික ක‍්‍රියාකරකම් නිසා සිදුවන පරිසර හානිය මෙතෙක් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යට හසු නොවූ පෙදෙසකි. මෙම ලිපියෙන් අනාවරණය කෙරෙන පල්ලකණ්ඩල් කතෝලික පල්ලියේ ක‍්‍රියාකාරකම් නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොටසකට සිදුවී ඇති පාරිසරික හානිය ද මෙතෙක් ප‍්‍රසිද්ධ මාධ්‍යයට හසු නොවූ කතාවකි. දේශපාලනික හා ආගමික දෙඅන්තයන්ට තල්ලූ නොකර තත්වාකාරයෙන් තේරුම්ගැනීම නුදුරු දිනක විල්පත්තුව රැකගැනීමේ ජාතික වගකීම අතට ගැනීමට සිටින (දේශපාලන හා ජාතිවාදී සංස්ථාපිතයන්ට යට නොවී) බුද්ධිවාදී සමාජයට වැදගත් වේ.

පල්ලකණ්ඩල් ප‍්‍රශ්නය

‘පල්ලකණ්ඩල්’ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පස්වන කොටසට අයත් අක්කර 445ක් පුරා විසිරෙන මීට සියවස් භාගයකට පමණ පෙර අත්හැර දැමූ ගම්මානයකි. මීට ශතවර්ෂයකට පමණ පෙර පුත්තලම් කලපුව ආසන්නයේ දිවි ගෙවූ කතෝලික ධීවර ජනතාව තමන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් කුඩා පල්ලියක් ඉදිකර එහි වාර්ෂික මංගල්‍යය පවත්වා තිබේ. අක්කර කාලක භූමියක් මුල් පල්ලිය වෙනුවෙන් වෙන්කරගෙන තිබිණ. 1969 වසරේදී ඉඩම් අත්පත්කරගැනීමේ පනත යටතේ පල්ලකණ්ඩල් පල්ලිය පිහිටි කුඩා බිම් තීරුවත් පල්ලකණ්ඩවයල් ග‍්‍රාමයත් අංක 14,886 දරණ ගැසට් පත‍්‍රය මගින් රජයට පවරා ගැනිණි. ඉන්පසු 1973 අංක 89 දරණ ගැසට් නිවේදනයෙන් විල්පත්තුවට අයත් පස්වැනි කොටසේ පල්ලකණ්ඩල් ගම හා කුඩා පල්ලිය යන දෙකම විල්පත්තු ජාතික වනෝද්‍යානයේම කොටසක් ලෙසට පිළිගන්නා ලදී. එහෙත් ඒ වන විට පල්ලකණ්ඩල් ජනශූන්‍ය ගමක්ව පැවතුණි.

කෙසේවෙතත් 1980 සිට මෙරට ඇතිවූ සිවිල් යුදමය තත්වය හේතුවෙන් විල්පත්තුව 1989 සිට දෙස් විදෙස් සංචාරකයන්ට විවර නොවිණි. 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ පල්ලියද අයත් විල්පත්තුවේ පස්වන කොටස නැවත මහජනයාට විවෘත විය. යුධ සමයේදී විල්පත්තු වනෝද්‍යානය හරහා ඉදිකර තිබූ අනවසර මාර්ගය ජාතික වනෝද්‍යානය මහජනයාට නැවත විවෘත වීමෙන් පසු පල්ලියට පැමිණෙන්නන්ගේ නිල මාර්ගය විය. ජාතික වනෝද්‍යානය හරහා අනවසර මාර්ගයක් ඉදිවීම හා එය තවදුරටත් භාවිතයට ගැනීම අභියෝගයට ලක්කර පරිසර සංවිධාන නඩුමගට පිවිසි අතර එම නඩුව 2010 වසරේ සිට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ (අංක 224/2010 මූලික අයිතිවාසිකම් අයදුම්පත) විභාග වෙමින් තිබේ.

මෙම අනවසර ක‍්‍රියාකලාපය ම පල්ලකණ්ඩල් පල්ලියට පැමිණෙන බැතිමතුන්ගේ ප‍්‍රමාණය වසරින් වසර වැඩිකිරීමට හේතු වී තිබේ. අනවසරෙන් කැපුණු මාර්ගය නිසා පල්ලකණ්ඩල් පල්ලියේ ක‍්‍රියාකාරකම් තව තවත් දියුණු වූ අතර ගරාවැටුණු පල්ලිය කෙමෙන් පිළිසකර කිරීමටත් ඒ මුවාවෙන් තවත් ගොඩනැගිලි ස්ථිර පදනමින් ඉදිකරන්නටත් එහි පාලනාධිකාරිය සමත්ව තිබේ. මේ සියල්ල සිදුවන්නේ වන සත්ව හා වෘක්ෂලතා අඥාපනතේ විධිවිධාන උල්ලංඝනය කරමිනි . එමෙන්ම වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින්ද තොරවයි.

රටක් ආරක්ෂා කළ යුතුව තිබෙන ජාතික වනෝද්‍යානයක් තුළට මෙතරම් මිනිස් ප‍්‍රජාවක් යාම ඒමෙන් සිදුවන පරිසර හානියේ ප‍්‍රමාණය ගැන අමුතුවෙන් කිවයුතු නැත. කතෝලික පල්ලිය නාමයෙන් සාමාන්‍යතාවයට පත්ව තිබෙන මිනිස් ක‍්‍රියාකාරකම් නිසා විල්පත්තු වනෝද්‍යානයට සිදුවී ඇති පාරිසරික හානිය යථාතත්වයට පත් වීමට සෑහෙන කාලයක් ගතවනු ඇත. නැතහොත් නැවත පෙර තිබූ තත්වයට කිසිදිනෙක පත් නොවනු ඇත.

ආර්ථික වටිනාකමක්

යම් ප‍්‍රදේශයක් වටා යම් ආර්ථික වටිනාකමක් ගොඩනැගෙන විට හදබිමක්, පුදබිමක් වුවද ප‍්‍රාග්ධන මූලයන්ගේ ග‍්‍රහණයට නතු නොවී සිටීමට නොහැකි වේ. එවැනි ප‍්‍රදේශයක් මුලින්ම අභියෝග කරන්නේ ඒ අවට ස්වභාවික පරිසරයේ පැවැත්මටයි. අද වනවිට පල්ලකණ්ඩල් කතෝලික පල්ලිය යනු විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් ආවරණය වූ අනවසර ප‍්‍රාග්ධන උල්පතකි. ආගමික ක‍්‍රියාකාරකම් නිසා විශාල ජනතා සහභාගිත්වයක් සහිත පල්ලකණ්ඩල් පල්ලිය අවට භූමියට එකතු වන පොලිතීන් ප්ලාස්ටික් ඇතුලු ආගන්තුක අපද්‍රව්‍ය  ක‍්‍රමවත්ව බැහැර කිරීම සදහා පාලනාධිකාරිය උත්සාහ කළත් එම උත්සාහය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ හේතුවෙන් වනසතුන් හා වෘක්ෂලතාවලට මෙන්ම ජල මූලාශ‍්‍රවලටද වන බලපෑම පිළිබද නිවැරදි විද්‍යාත්මක අධ්‍යනයක් කිරීම අවශ්‍ය වේ. මංගල්‍යය දිනවලදී රථවාහන විශාල ප‍්‍රමාණයක් වනෝද්‍යානය තුළට පැමිණිමෙන් ශබ්ද දූෂණය මෙන්ම වායු දූෂණය වී තිබේ. වන්දනාකරුවන්ගේ පැමිණීම වැඞීවීම නිසා සත්ව හැසිරීම් රටා, සංචරණ රටා, අභිජනන රටා හා නීඩායන රටා (කූඩු තැනීම) වෙනස් වීම නිසා අපට පෙනන හානියට වඩා වැඩි පරිසර හානියක් පල්ලකණ්ඩල් පල්ලිය නිසා සිදුවෙමින් තිබේ.

තවද මෙම පල්ලකණ්ඩල් කතෝලික පල්ලිය ආසන්නව පිහිටා ඇති පොම්පරිප්පු ප‍්‍රදේශය අතිශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි. විශේෂයෙන් එකී ප‍්‍රදේශයේ අක්කර 3-4 පුරා පිහිටා ඇති පොම්පරිප්පුව ආදි මානව සුසාන භුමිය ශ‍්‍රී ලංකාවේ ගල් යුගයේ ආදි මානවයන්ගේ ජිවන රටාවන් පිලිබඳ සාක්ෂි සපයයි. මෙලෙස පාලනයකින් තොරව වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණීම එකී පුරාවිද්‍යාත්මක ස්ථානයන්ගේ පැවැත්මට ද තර්ජනයක් වේ.

නීති ප‍්‍රශ්නයක්

වනසත්ව හා වෘක්ෂලතා  ආරක්ෂණ අඥාපනතේ 3 (3) අනු වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක වුවද සම්ප‍්‍රදායිකව ආගමික ඇදහීම් නොනවත්වා කරගෙන යාමට අඥාපනතේ ප‍්‍රතිපාදනවලට අනුව සිදු කළ හැකිය. එහෙත් නීතිය නොමග යවමින් හා ආගමික භක්තියට මුවා වෙමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පවතින භූමියක උත්සව කටයුතු සදහා කැලෑ ප‍්‍රදේශ එළිකිරීම, කැලෑ එළිකර මාර්ග තනාගැනීම, ස්ථීර පදනමින් නව ඉදිකිරීම් කිරීම හා තිබෙන ඉදිකිරීම්වල ප‍්‍රමාණය විශාල කිරීම මෙරට වනසත්ව හා වෘක්ෂලතා නීතිය උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව නිසි නියාමනයකින් තොරව පැවැත්වෙන ආගමික උත්සව කටයුතු වෙනුවෙන් ජාතික වනෝද්‍යානයේ ජීව පැවැත්මට දැරිය නොහැකි බැතිමතුන් පැමිණීමට ඉඩහැරීම මගින්ද වනසත්ව නීතියේ මූලික ප‍්‍රතිපාදන උල්ලංඝනය කර තිබේ.

පල්ලකණ්ඩල් පල්ලියේ ක‍්‍රියාකාරීත්ව හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට එල්ල වී තිබෙන පාරිසරික අභියෝගයට එරෙහිව ගරු අභියාචනාධිකරණයට රීට් අයදුම්පතක් (CA/Writ/51/18) යොමුකරන්නේ 2018 ජනවාරියේදීය. එම නඩුවේ පළවන වග උත්තරකරු වශයෙන් වනජීවී සංරක්ෂණ ජෙනරාල්වරයා, පල්ලකණ්ඩල් පල්ලියේ ක‍්‍රීයාකාරීත්වය මඟින්  විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්වභාව පැවැත්ම අභියෝගයට ලක්ව තිබීම පිළිගත් බව ඔහු විසින් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන විමසන විට පෙනේ.

මැදිහත් වීම්

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නෛතික වගකීම භාර වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද පිළිගන්නා පල්ලකණ්ඩල් පල්ලියේ ප‍්‍රශ්නය කතෝලික ජනතාවගේ අදිසි ගැලවුම්කරුවා ලෙස පෙනී සිටින වනජීවීල සංචාරක ප‍්‍රවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු භාර ඇමතිවරයා පිළිනොගනී. ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රවර්ධනයට මෙන්ම වනජීවී සම්පත් රැකගැනීමටද ජනතාවගේ අභිලාෂ බැදුණු සමාන වගකීමක් අමාත්‍යවරායට තිබේ. එහෙත් 17 වන සියවසයේ සිට කතෝලික බැතිමතුන්ගේ පුදබිමක් වූ බිමක් ආවරණ වන සේ විල්පත්තු ජාතික වනෝද්‍යානය නිර්මාණය කර තිබෙන බව අමාත්‍යවරයා කියා සිටී. එමගින් කතෝලික ජනයා කාලාන්තරයක් තිස්සේ භූක්තිවිදිමින් සිටි ආගමික නිදහස උල්ලංඝනය වී තිබෙන බව අමාත්‍යවරයාගේ අදහසයි.

අමාත්‍යවරයා පල්ලකණ්ඩල් පල්ලිය පිහිටි භුමිය සහ අවට අක්කර 06කට ආසන්න දැනට විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් භුමි ප‍්‍රදේශයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කිරීම සදහා ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට උත්සාහ දරන බවට අනාවරණය වේ. මෙහිදී වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිගන්නා දෙයත් අමාත්‍යවරයාගේ මතයත් එකක් නොව දෙකක් බව බැලූ බැල්මට පෙනේ. මෙහිදී අපට විශ්වාසයෙන් පිළිගැනීමට සිදුවන්නේ අධ්‍යක්ෂවරයා ද? අමාත්‍යවරයාද?

පල්ලකණ්ඩල් පල්ලිය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොටසක් නොවන බව ඔප්පු කිරීමට උත්සාහ දරණ ක‍්‍රිස්තියානි ආගමික කටයුතු පිලිබඳ අමාත්‍යාවරයා මෙතෙක් කල් ඉහත අභියාචනාධිකරණ නඩුවේදී තමා වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති සහය ඉවත දමා දිවයිනේ ප‍්‍රකට නීතිඥවරයෙකුගේ පෞද්ගලික නීති සහය ලබාගැනීමට යොමුවී තිබේ. 2019 ජුනි 26 වන දින නඩුව නැවත කැදවූ අවස්ථාවේදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේ අදාළ නීතිඥවරයාය. යම් සීමිත කොන්දේසි යටතේ පෞද්ගලික නීති සහය ලබාගැනීමට හැකි වුවද එසේ කීරීම මගින් අමාත්‍යවරයාට ජයග‍්‍රහණයේ දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙනේ. එමගින් තමන්ගේ දේශපාලන පෞරුෂය ගොඩනගාගැනීමට ඔහු බලාපොරොත්තු වනවා විය හැකියි.

එසේම 2019.07.28 දින ජාතික රූපවාහිනියේ විකාශය වූ ”ධාරා : වාර්තා සමීරය” වැඩසටහන පල්ලකණ්ඩල් පල්ලියේ ක‍්‍රියාකාරීත්වය සාධාරණීකරණය කිරීමේ වංක අරමුණෙන් විකාශනය කළ වැඩසටහනකි. මේ මොහොතේ රජයේ මාධ්‍යක එවැනි ආකාරයේ වැඩසටහනක් නිෂ්පාදනය වන්නේ දේශපාලන තෙරපීමකින් නොවේ යැයි නොසිතීමට අපහසුය. පසු අවස්ථාවක ජාතික රූපවාහිනියේ වෙබ් අඩවියට ප‍්‍රවේශ වූ ලියුම්කරුට දැනගන්නට ලැබෙන්නේ අනෙකුත් සියලූම වාර්තා වැඩසහන් තිබියදී එදින විකාශනය වූ ධාරා වැඩසටහන පමණක් ඉවත් කර ඇති බවයි. මේ සියල්ල පසුපස පල්ලකණ්ඩල් පල්ලියෙන් විල්පත්තුවට වූ පාරිසරික අභියෝගය සාධාරණය කිරීමේ යම් අදිසි බලපෑමක් ක‍්‍රියාත්මක නොවන බව අපට සිතීමට හැකිද?

රටක් රැකගතයුතු විල්පත්තු ජාතික වනෝද්‍යානය වර්තමානයට මෙන්ම අනාගතයටද හිමිය. විල්පත්තුව රැකගැනීමේ දේශපාලන මෙන්ම ව්‍යවස්ථාපිත වගකීමක් අමාත්‍යවරයා වෙත පැවරී ඇතත් එය රැකගැනීම රටක් ලෙස අප වෙතට පැවරී තිබෙන වගකීමකි. මෙම වගකීම ඉටුකරගැනීමේදී වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා පරිසර සංවිධාන ගෙන ඇති අනවතර උත්සාහය දේශපාලන බලයෙන් යටපත් නොවීමට වගබලා ගැනීම වැදගත් ය.

ධනුෂ්ක සිල්වා | Danushka Silva

 

 

සංස්කාරක සටහන : මෙහි අඩංගු සියලු ජායාරූප මෙම කතෝලික පල්ලියේ නිල වෙබ් අඩවියෙන් හා ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගෙන තිබේ. සිතියම් ගුගල් ඇසුරෙනි .


උපුටා ගැනීම - https://www.vikalpa.org/?p=35712 


Ibnu Saheer Sep 18 '19 · Comments: 1 · Tags: විල්පත්තුව
Ibnu Saheer

"ජාතික ආරක්ෂාවට තර්ජනයක්" වන මුස්ලිම් සංස්කෘතිකාංග තහනම් කර දිගන වැනි ගිනි නිවමු.? මේ තර්කය ගෙනෙන්නේ අඩුවැඩි වශයෙන් සිංහල සමාජය තුල ඉස්ලාම්විරෝධී ජනමතය ගොඩනැඟූ ඈයෝමය. මොවුන්ට අනුව මුස්ලිම්වරයා රටට හිතකර වන්නේ ඔහු/ඇය ඉස්ලාමයෙන් ඈත්වන තරමටය. බොරදියෙන් මාලුවෙක් දෙන්නෙක් අල්ලගන්න දරන හිස් වෑයමකි. තවත් සමහරු මෙය ඉදිරිපත් කරන්නේ සිද්ධි බැලන්ස් කිරීමකටය.

ගැහැණු මූණ පෙන්නුවාම මේ ඔක්කොම හරිද.? රටේ අරක්ෂාවට ඇත්තටම හානි කලේ සිංහල බෞද්ධ අන්තවාදී මැර පිරිස්ය. පසුගිය දින කිහිපය තුල පමණක් ඔවුහු රටේ පුද්ගලික හා පොදු දේපල සංඛ්‍යාවෙන් 270 කටත් එහා ගිණිබත් කලහ. දැනටමත් දුර්වල වී ඇති රටේ ආර්ථිකයට කෝටි ගණනාවක අලාභයක් ඇති කලහ. අහිංසක තරුණයෙකු මරා දැමූහ. පහත දී ඇත්තේ ඕකුංගේ කෙරුවාවේ සාරාංශයකි.

... more

Ibnu Saheer

කොළඹ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල උණූසුම් මාතෘකාවක් බවට ‘බෝරා මුස්ලීම්’ යන්න අද පත්ව ඇත. ඒ ඊයේ (එනම් 2019/09/01) දින සිට දින දහයක් පුරාවට බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. මෙම සමුළුව සදහා ලොවපුරා වෙනෙස බෝරාවරුන්ගෙන් 21000 ක් පමණ සහභාගි වන බව සදහන් වේ. මේ නිසා කොළඹ අවට විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අධික ජන තදබදයක් හා බෝරා මුස්ලීම්වරුන් බහුලව දකින්ට ලැබීම මෙම මාතෘකාව උණූසුම් වීමට හේතු වී ඇත. ඒ අනුව මෙම ‘බෝරාවරුන් යනු කවුරුන්ද?’ යන්න පිලිබදව යහමග තුලින් මෙතැන් සිට විමස බැලීමට අදහස් කරමි.... more
Ibnu Saheer Sep 3 '19 · Tags: borha, බෝරා
Ibnu Saheer

ප්‍රශ්නය:-

ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?


පිළිතුර:-

එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ. අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම්50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.


මේ පිළිබඳව උදාහරණ සහිතව මෙසේ පැහැදිලි කර ඇත.


ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිත කරමින් ඡන්දය දිය හැකිය.


කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

... more

Ibnu Saheer

"මම පැවිදි වෙලා වසර 50ක් වෙනවා. ඒ කාලය ඇතුළත ජය ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යන්න ලැබී තිබෙන්නේ දෙවරක් පමණයි. නමුත් දැන් යන්න දෙන්නේ නැහැ,"


ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ ඒ බව පැවසූවේ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට අකැපද යන්න පිළිබඳ සමාජ ජාල තුළ මේ දිනවල මතුව ඇති සංවාදය පිළිබඳ විමසීමේදීය.


අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව පූජනීයත්වයෙන් වන්දනාමාන කරන ශ්‍රී මහා බෝධිය ලොව පැරණිතම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැලකේ.

... more

Pages: «« « ... 2 3 4 5 6 ... » »»

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics