මේ දිග හැරෙන්නේ ලංකා ඉතිහාසයේ තවත් එක් චරිත කතාවකි . ඔටුනු පළන් කුමාරවරුන්ට ඔටුනු පළන් කුමාරියන්ට රාජ්‍යත්වය හිමි වෙන්නට ඇත. සැප සම්පත් ඇතුළු රජ මාළිගා හිමි වෙන්නට ඇත. දැසි දස්සන් පිරිවරා ඉන්නට ඇත. එහෙත් , ඔවුන් ද ඇතැම් දිනෙක ශෝකෙන් බරිත වන්නට ඇත. ඔවුන්ගේ ඒ ශෝකී ජනක පුවත ද අපි ඔබ වෙනුවෙන් මෙසේ දිග හරින්නෙමු.
සිංහල රජ පෙළපතේ අවසන් රජු වූයේ ක්‍රි.ව. 1707 සිට 1739 දක්වා කන්ද උඩරට රාජ්‍යයේ රජ කළ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජු ය. දෙවැනි විමලධර්මසූර්ය රජුගේ පුත්‍රයා වූ හෙතෙම “කුණ්ඩසාලේ රජ්ජුරුවෝ” නමින් ද හැඳින්විණි. ඊට හේතු වූයේ ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් කුණ්ඩසාලේ රජ මාළිගයෙහි ගතවීම ය. නරේන්ද්‍රසිංහ රජුට ඉතිහාසයේ විශේෂ තැනක් හිමි වනුයේ ඔහු සිංහල රාජ වංශයේ අවසන් රජු වීම නිසා ම පමණක් නො වේ. විවාදයට බඳුන් ව ඇති දස්කොන් කතා පුවත නිසා ද ඔහුට ඉතිහාසයේ විශේෂ තැනක් හිමි වෙයි. දස්කොන් අදිකාරම් තැන සමඟ රහස් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ සුමිත්‍රා බිසව නරේන්ද්‍රසිංහ රජුගේ අගමෙහෙසිය ය. එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් දංගෙඩියට හිස දීමට දස්කොන්ට සිදු විය.
... more
රට පුරා ශෝක දිනයක් වූ අද (එනම් 2019/04/23) දිනයේ පසුගිය 21 දින විශේෂයෙන් කිතුණූ ජනයා හා ඔවුන්ගේ නැමදුම් දේවස්ථාන මෙන්ම උත්සව ස්ථාන ඉලක්ක කොට එල්ල කල මිලෙඡ්ච ත්‍රස්ථ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් 'යහමග' තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි.
ඉහත මිලෙඡ්ච ප්‍රහාරයෙන් රටේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මියගිය සංඛ්‍යාව 320 ඉක්මවා ඇත. මීට අමතව තුවල ලබා රෝහල්ගතව විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. එසේම මෙම ප්‍රහාරයෙන් කිතුණු ජනයාගේ දේවස්ථාන කිහිපයක් ඇතුළුව පොදු දේපල විශාල ප්‍රමාණයකට ද දැඩි හානි සිදුව ඇත. මේ පිලිබදව 'යහමග' තම කණගාටුව හදවතින් ම ප්‍රකාශ කර සිටින අතර මෙම තිරිසන් මිලෙඡ්ච ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලාදකින බව ප්‍රථමයෙන් සටහන් කරමි.
... more
යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න පවසනවා නම්, මෙවැනි එක් සංවිධානයක් වටා ඒකරාශි වී සිටීම අනිවාර්ය යයි මුස්ලීම් සමාජය සිතන තරමටම මෙම කල්ලිවාදය මුස්ලීම් සමාජයේ ඔඩුදුවා ඔවුන්ගේ මනස විකෘති කොට ඇත. නමුත් මෙවැනි සංවිධාන (නොහොත් කල්ලි) හා ඔවුන්ගේ ප්‍රතිපත්ති හොදින් හා බුද්ධිමත්ව විමසා බැලීමේ දී පෙනීයන්නේ මේවා බොහෝමයක පදනම ආගමික කාරණයන්ට වඩා ලෞකික කාරණයන් බවයි.
... more
වත්මන් ලෝකය දෙස බලනවිට බොහෝ ජාතීන් යහපත් සිතුවිලි, සාරධර්ම තමන් තුල වර්ධනය කරගනිමින් සහෝදරත්වයෙන් කටයුතු කිරීමටත් දියුණු මිනිස් ගුණාංග වර්ධනය කරගැනීමටත් උනන්දුවක් උද්යෝගයක් දක්වන ආකාරයක් අද දක්නට ඇත. නමුත් අවාසනාවන්ත ලෙස සමහරක් රටවල් හා එහි ජන කොට්ඨාශයන් අතීත පුරසාරම් පුරාජේරු තෙපලමින් ගල් යුගයත්, ගෝත්රවාදයත් ආවැඩීම පමණක් නොව එම ගෝත්රවාදී ලක්ෂණයන් වර්ධනය කරගනිමින් සිටින ආකාරයක් දකින්නට ඇත. නිදසුනක් ලෙස අප රටේ ජාතිවාදී ඊනියා බෞද්ධ හා හින්දුවාදීන්ගේ ක්‍රියාකලාපයන් මෙහි සදහන් කලහැක. අප රටේ පමණක් නොව අප ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම තත්වයේ සීග්‍ර වර්ධනයක් දක්නට ඇත. මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය, කුලවාදය මනුෂ්‍ය හදවත් තුල වපුරමින් වෛරය වියරුව ආදේශ කොට ජාතීන් අතර විරසකයන් නිර්මාණය කරන මෙම ගෝත්රවාදය අප රට තුල කොතරම් දුරකට ඔඩුදුවා ඇත්ද යන්න සාකච්විචා කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. මෙහිදී මා ඉදිරිපත් කරුණූ කාරණා බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මා පවසන මෙම තත්වය අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත.
... more
(මෙම ලිපිය මින්හජ්මිෆ්ලාල් අඩවියෙන් උපුටාගැනීමකි)
1325 වසන්ත සෘතුව උදා විය. විසි එක් හැවිරිදි නීති ශිෂ්‍යත්වධාරියකු වූ මුහම්මද් ඉබන් බතුතා ටැන්ජියර්හි පිහිටි නිවෙසින් පිටත් වූයේය. ඒ මක්කම ශුද්ධ නගරයටයි.වයස විස්සේදී පිටත් වූ ගමන කෙළවර වීමට තිස් වසරකට ආසන්න කාලයක් ගත විය. ඔහු කි. මි. 120,000 කට ආසන්න පෙදෙසක පයින්, බූරුවන් පිටින්, ඔටුවන් පිටින් මෙන්ම බෝට්ටුවෙන් ද ගමන් කළේය.
දැනුම හා අත්දැකීම් ලබන්නට ඉබන් තරුණයා සතු පිපාසය මෙවැනි දිගු ගමනකට සවිමත් පදනමක් විය. ඔහු සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යයන් මෙන්ම ඉන් එහා ලොව ද දුටුවේය.චීනය වැනි බෙහෙවින් දුරින් පිහිටි රාජ්‍ය පවා තරණය කරන්නට ඉබන් බතුතාට හැකි විය. මුස්ලිම් ලෝකයෙහි කොංග්‍රසය වූ මක්කමින් ඔහු පිටත් වන විට දුටු ලොවට වැඩි වෙනස් යමක් ඔහු දේශයෙන් දේශයට පිය මනින විට දුටුවේය.
... more
මීට පෙර ‘ශුද්ධ වූ දේවස්ථානය හා එහි පාරිශුද්ධත්වය‘ නම් ලිපියකින් අප මක්කාවේ පිහිටි ශුද්ධ වූ දේවස්ථනය වන ‘බක්කාව‘ පිලිබදව කරුණු සාකච්චා කලෙමු. එම ශුද්ධ වූ ගොඩනැඟිල්ල හා බැඳුනු තවත් සුවිශේෂි ස්ථාන කිහිපයක් තිබේ ඒ පිලිබදව ද මෙහිදී කෙටි හැදින්වීමක් කරන්නට අදහස් කරමි. ඒ අනුව එම දේවස්ථානය හා බැඳුනු,
... more
ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව විමසා බැලීමේ දී එහි මහිමය කියවන හදීසයක් නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ දිව්‍යමය වදනක් මෙලෙස දැකිය හැකි වේ. එනම්,
‘කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම වැලඳ ගැනීම, හිජ්රත් කිරීම (ඉස්ලාම් විරෝධීන්ගෙන් තමන්ට හෝ තම ආගමික බැදීමට හානීයක් වේවි යන බියනිසා උපන්බිම අතහැර වෙනත් ප්‍රදේශයකට පලායෑම) හෝ හජ් වන්දනය යන තුනෙන් එකක් ඉටුකිරීම යන්න තුලින් එය ඉටුකිරීමට පෙර පැවතී සියළු පාපයන් එමඟින් විනාශ කර දැමීමට එය හේතුවක් වනු ඇත.
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්
... more