දිනක් නබිතුමාගෙන් විමසුවෙමි..! | Forum

Sumiyya
Sumiyya Aug 17 '18
සහාබාවරුන් මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ආගමික විග්‍රහයන් විමසූ අවස්ථාවල එයට එතුමාණන් ලබාදුන් විග්‍රහ හා පැහැදිලි කිරීමන් ඉස්ලාමීය මූලාශ්‍රයන්ගෙන් උපුටා පෙලගැසීම මෙහි අරමුණයි.


මුහම්මද් (සල්) තුමාගේ වදන් හදීස් ලෙස හැදින්වේ. හදීස් ද ඉස්ලාමීය මූලාශ්‍රයක් ලෙස සැලකේ. විවිධ අවස්ථාවල මුහම්මද් (සල්) තුමාණන් හමුවට පැමිණෙන සමකාලීන (සහාභාවරුන්) පිරිස් එතුමාණන්ගෙන් විවිධ ආගමික විග්‍රහයන් විමසීම ඔවුන්ගේ සිරිතකි. ආගමික මූලාශ්‍රයන් තුල දක්නට ලැබේ. එවැනි අවස්ථාවන් මෙහි පහතින් ඉදිරිපත් කෙරේ...

The Forum post is edited by Sumiyya Aug 19 '18
Share:
Sumiyya
Sumiyya Aug 18 '18


001 - දිනක් (සහාබිවරයෙකු වෙස්ගෙන පැමිණි) ජිබ්රීල් (අලෛ) තුමා නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී.


ජිබ්රීල් ( අලෛ ) තුමා 

මුහම්මද් ! මට ඉස්ලාමය පිළිබඳව යමක් පවසන්න.


මුහම්මද් නබි (සල් ) තුමා

අල්ලාහ් හැර නැමදීමට සුදුසු අන් කිසිවෙකුත් නැත. මුහම්මද් ඔහුගේ දූතයා බවට ඇති සාක්ෂි විශ්වාස කළ යුතු ය. තවද සලාතය අත් නොහැර ම ඉටු කළ යුතු ය. සකාත් ඉටු කළ යුතු ය. රමළාන් මාසයේ උපවාසය රැකිය යුතු ය. ධනය ඇත්නම් දේව කරුණාව ඇති ක:බාවට ගොස් හජ් ඉටු කළ යුතු ය. මේ සියල්ල ඉස්ලාමයයි.


ජිබ්රීල් (අලෛ ) තුමා

ඔබතුමා සත්‍යයම පැවසුවා. ඊළඟට ඊමාන් පිළිබඳ ව මදක් විස්තරාත්මකව පවසන්න.


මුහම්මද් නබි ( සල් ) තුමා

අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ දූතයින්, අවසාන දිනය, හොඳ නරක සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදිය යන ඉහත කරුණු මත මුළුමනින්ම විශ්වාසය තැබීම ඊමාන් වේ. 


ජිබ්රීල් (අලෛ ) තුමා

ඔබතුමා සත්‍යයම පැවසුවා. ඊළඟට ඉහ්ලාස් පිළිබඳව මට මදක් විස්තරාත්මකව පවසන්න.


මුහම්මද් නබි (සල් ) තුමා 

අල්ලාහ්ට පමණක් නැමදිය යුතුයි. ඔබට ඔහු නොපෙණුනද ඔහු ඔබ දෙස බලා සිටිනවා යන විශ්වාසයෙන් ඔබ අල්ලාහ් නැමදිය යුතු යි. මෙයයි ඉහ්ලාසය පිළිබඳ ව ඇති විස්තරය.


ජිබ්රීල් ( අලෛ ) තුමා 

මට අවසාන දිනය පිළිබඳ ව සුළු හැඳින්වීමක් කරන්න .


මුහම්මද් නබි (සල් ) තුමා

මේ පිළිබඳව පවසන්නාට වඩා මේ පිළිබඳව අසන්නා වඩාත් හොඳින් දනී. ඔබතුමාට වඩා යමක් මම නොදනිමි.


ජිබ්රීල් (අලෛ ) තුමා 

කමක් නැහැ, එම අවසාන දිනයේ ලක්ෂණ පිළිබඳව හෝ මට පවසන්න.


මුහම්මද් නබි (සල් ) තුමා

වහල් ගැහැනිය තම ස්වාමියා බිහි කරයි. තව ද එම දිනයේ පාවහන් නොපැළඳූ අය, අඩ නිරුවතින් ඇවිද්ද එඬේරුන් වැනි අය ලොකු ලොකු බංගලාවල සිටිමින් ආඩම්බර පෙන්වන සැටි ඔබට පෙනෙනු ඇත.


ග්‍රන්ථය - මුස්ලිම් (මෙම හදීසය 'හදීස් ජිබ්රීල් ' ලෙස හදුන්වයි)

වාර්ථා කරන්නේ - උමර් (රළි ) 

The Forum post is edited by Sumiyya Aug 19 '18
Sumiyya
Sumiyya Aug 18 '18


002 - දිනක් සහාබිවරයෙක් නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී,


'අල්ලාහ්ගේ දූතයාණෙනි ! පුවානා නම් ස්ථානයේ ඔටුවන් කිහිපදෙනෙක් කුර්බාන් කර අල්ලාහ්ට භාර වීමට මම අදහස් කර  ඇත . ඒ පිළිබදව ඇති ඔබතුමාගේ මතය කුමක්ද ?'

මුහම්මද් නබි (සල් ) තුමා,

'ඔබ පවසන ස්ථානයේ පිළිම ආදිය තබා වන්දනාමාන කරගෙන ආවා ද ?'

එම සහාබිවරයා

'නැත..!'

මුහම්මද් නබි (සල් ) තුමා,

'ජාහිලියියා යුගයේ පැවති උත්සව අතුරින් කුමක් හෝ උත්සවයක් එහි පවත්වාගෙන ආවාද ?'

එම සහාබිවරයා

'නැත..!'

මුහම්මද් නබි (සල් ) තුමා

'එසේ නම් ඔබ ඔබගේ අදහස එම ස්ථානයෙහි ඉටු කිරීමෙහි වරදක් නැත . එවැනි දෙයක් ඉටු නොකළ යුත්තේ අල්ලාහ්ට විරුද්ධව හෝ අල්ලාහ්ට සම කිරීමේ චේතනාවෙනි . තව ද ඥාති සම්බන්ධතා බිද දැමීමේ අරමුණින් අල්ලාහ්ට භාර වීම නොකළ යුතු ය . තව ද මිනිසුන්ගේ ශක්තිය හීන කිරීමේ අදහසින් ද අල්ලාහ්ට වීම සිදු නොකළ යුතු ය

 

 වාර්තා කරන්නේ - සාබිත් ඉබ්නු ලස්සාක් ( රළි ) තුමා

 ග්‍රන්ථ - තබරානි, අබූ දාවුද්

The Forum post is edited by Sumiyya Aug 18 '18
Sumiyya
Sumiyya Aug 19 '18


003 - දිනක් සහාබිවරයෙක් නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී.


‘අල්ලාහ්ගේ දූතයාණෙනි ! මට කුමක් හෝ උපදේශයක් පවසන්න’ 


එයට මුහම්මද් නබි (සල් ) තුමාණන්,

‘මොනයම් අවස්ථාවකදීවත් අල්ලාහ් කෙරෙහි ඇති බියමැතිමත් භාවය අත් හැරීමෙන් වළකින්න. මන්දයත්, එය සියලුම පින් වලින් ප‍්‍රමුඛස්ථානය ගනී.

දෙවියන් සිහි කිරීම, ඔහුගේ ග්‍රන්ථය වන අල්කුර්ආනය පාරායනය කිරීම යනාදිය කඩ නොකරන්න. මන්දයත්, නියතවශයෙන්ම එය පොළොවේ ඔබට ආලෝකයක්ද , අහසෙහි ඔබේ හොද පිළිබද කතා කිරීමට කාරණාවක් ලෙස ද එය ඇතිවේ. 

මීට අමතරව හොද දේවල් මිස අන් දේවල් කතා කිරීමෙන් ඔබගේ දිව ආරක්ෂා කර ගන්න .මන්දයත් නියතවශයෙන්ම එමගින් ඔබට ෂෙයිතාන්ව පරාද කළ හැකි වනු ඇත.’


වාර්ථා කරන්නේ - අබූ සෛද් (රළි ) තුමා

ග්‍රන්ථය - අල්-මු:ජමුස්සහීර්

The Forum post is edited by Sumiyya Aug 19 '18
Sumiyya
Sumiyya Aug 19 '18


004 - දිනක් සුෆ්යාන් ඉබ්නු අබ්දුල්ලාහ් (රළි ) නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී.


අල්ලාහ්ගේ දූතයාණෙනි ! ඔබතුමාගෙන් පසු  ඉස්ලාමය පිළිබඳව අන් කිසිවෙකුගෙන් මම නොඇසිය යුතු තරම් වූ යමක් මට ඉස්ලාමය පිළිබඳව පවසන්න.


නබි (සල් ) තුමා

අල්ලාහ් මත මම මුළුමනින්ම  විශ්වාසය තබමි යනුවෙන් උසුරා ඉන්පසු ඒ අදහස මත ම රැඳී සිටින්න (ක්‍රියාකරන්න).

The Forum post is edited by Sumiyya Aug 19 '18
Sumiyya
Sumiyya Aug 19 '18


005 - දිනක් අබූ හිජාමා (රළි ) තුමාගේ පියා නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී,

 

අල්ලාහ්ගේ දූතයාණෙනි !  අපි මන්ත්‍ර ආදිය සිදුකරන්නෙමු . බෙහෙත් මගින් ද රෝග සුව කරන්නෙමු . සතුරු ආක්‍රමණවලදී යුධ ඇඳුම් මගින් අපව ආරක්ෂා කර ගනිමු . මේවා පිළිබඳව ඔබතුමා කුමක් පවසන්නේද?. දෙවියන් විසින් නියම කොට ඇති  කලාකද්රය (පෙර නියමයන්) මේ සියල්ල මගින්  වෙනස් කළ හැකි ද?.


නබි (සල් ) තුමා

මේ සියල්ල ආරම්භයේදී ම අල්ලාහ් සටහන් කර තිබූ ආකාරයටම සිදු වේ.


ග්‍රන්ථය - තිර්මිදි

The Forum post is edited by Sumiyya Aug 19 '18
Sumiyya
Sumiyya Aug 19 '18


006 - දිනක් නබිතුමාණන් මෙසේ පවසන ලදී,


'ඉස්ලාම් යනු යහපත සලසන්නකි.'


එක් සහාබිවරයෙක්

අල්ලාහ්ගේ දූතයාණෙනි!, කවරෙකුට යහපත සලසන්නක් ද?


නබි (සල් ) තුමා 

අල්ලාහ්ට, ඔහුගේ ග්‍රන්ථයට, ඔහුගේ දූතයින්ට, මුස්ලිම්වරුන්ගේ නායකයින්ට සහ පොදු ජනතාවට යහපත සලසන්නකි.


වාර්ථා කරන්නේ - තමීමුත්තාරි ( රළි )

ග්‍රන්ථය - මුස්ලිම් 

Sumiyya
Sumiyya Aug 8 '19


007- දිනක් අබූ අයියූබ් අල් අන්සාරි (රළි ) තුමා නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී


අල්ලාහගේ දූතයාණෙනි !මට සාරාංශගත උපදෙසක් ලබාදෙන්න


නබි(සල්) තුමා

ඔබ සලාතයට සිටගත් විට ලොවෙන් සමුගෙන යන මිනිසෙකුගේ මනසින් සලාතය ඉටු කරන්න . හෙට දින සිත් රිදවන කිසිම වචනයක් කතා නොකරන්න තවද මිනිසුන් සතු සම්පත්වලට ආශා නොකරන්න .

 

දැනුම් දුන්නේ - අබූ අයියූබ් අල් අන්සාරි (රළි )

ග්‍රන්ථය - මිස්කාත්

The Forum post is edited by Sumiyya Aug 8 '19
Sumiyya
Sumiyya Aug 8 '19


008 - දිනක් නබිතුමාණන් මෙසේ පවසන ලදී,

 

මිනිසුන් ගමන් කරන මාර්ගයේ ඉඳ සිටීම පිළිබඳව මම ඔබලාට අවවාද කරමි.


එක් සහාබිවරයෙක්

අල්ලාහ්ගේ දූතයාණෙනි ! එසේ නම් අපට කතා කරන්න සභාවන් අවශ්‍ය වෙනවා නොවේද?


නබි(සල් ) තුමා

ඔබලාට කතා කළ යුතු ම නම් පදික අයිතිවාසිකම් පිළිපදින්න (එහි) හැසිරෙන්න.


එක් සහාබිවරයෙක්

පදික අයිතිවාසිකම් යනු මොනවා ද ?


නබි (සල් ) තුමා

අන්‍ය කාන්තාවන් දෙස (කාම ආශාවෙන් නොබලා) බැල්ම පහත හෙළා ගන්න . මිනිසුන් දුකට පත් නොකරන්න. සලාමයට පිළිතුරු දෙන්න .  පාප කර්මයන්ගෙන් ඈත්වී.  පින් කටයුතු කිරීමට (ජනයා) පොළඹවන්න. මේවා පදික අයිතිවාසිකම් වේ . මේවා ඔබලා පිළිපැදිය යුතුයි.

                                                                                  

දැනුම් දුන්නේ - අබී සයිදුල් කුද්රි (රළි)

ග්‍රන්ථ - බුහාරි , මුස්ලිම්

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics