
නමුත් එදා එලෙස හැදිනූ අප අද ජාතියක් ලෙස සිටින්නේ කොතැනද?. මෙය ශ්‍රී ලාංකීය සියල්ල බුද්ධිමත්ව විමසා බැලිය යුතු පැනයකි. මේ රට අද සෑම ක්ෂේත්රයකින්ම පරිහානියට ගොස් ඇති බව කණගාටුවෙන් වූවද පිලිගතයුතු සත්‍යයකි. විශේෂයෙන් ප්‍රතිපත්තියක් නැති දේශපාලන ක්‍රියාදාමයන් හා දේශපාලකයන්ගේ උවමනාව මත සමාජය තුල වැපිරෙන ජාතිවාදය අද රට අවාසනාවන්ත ඉසව්වකට ගමන් කරමින් ඇත.
සමහරක් ආගමික නායකයින් ද මිනිස් සිතු තුල යහපත් ගතිගුණ වර්ධනය කරනවා වෙනුවට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම... වැනි නරක සිතුවිලිවලින් පෝෂණය කරමින් විකෘති සමාජයක් නිර්මාණය කරමින් ඇත.
රටේ කොදුඇට පෙලවන් තරුණ ජවය අද මත්ද්‍රව්‍යවලට හා පටු කාමුක විකෘති ආශාවන්ට ඇබ්බැහි වී රටම ඛේදවාචකයකට ගෙනයමින් ඇත.
මේ සියල්ලට රටේ දෛනික සමාජ සිද්ධීන් ද හොදින් සාක්ෂි දරයි.
එවැනි සිද්ධීන් පෙලගැසීම මෙම මණ්ඩපයේ අරමුණයි. මෙහි ඉදිරිපත් කරන සිද්ධීන් මේ රටේ සමාජ පරිහානිය පිලිඹිබු කරනවා යන්න මාගේ විශ්වාසයයි. නමුත් කෙනෙකුට එම සිද්ධීන් හුදෙකලා සිද්ධීන් ලෙස ද අර්ථකතනය ද කලහැක. නමුත් සමස්ථ හුදෙකලා සිද්ධීන්වල එකතුව හා එයින් සමාජයට සිදුව ඇති හානිය බුද්ධිමත්ව විමසා බලන්නේ නම් එයින් මේ රට ගමන් කරන ඉසව්ව තීන්දු කිරීම අපහසු නොවනු ඇතැයි යන්න මාගේ දැඩි විශ්වාසයයි.