
මේ රටට මොකක්ද වෙලා තියෙන්නේ රටේ සුළුජාතීන් මඩවන්නම කාලය යොදවනවා මිස තම ජාතියට වෙන්නේ මොකක්ද කියලා බලන්න කිසිවෙකුටත් වෙලාව නැහැවගේ. මෙහෙම ගියොත් පෙරුම්පුරපු කන කැස්බෑවට වෙච්ච දේ තමයි රටේ මහා ජාතියට වෙන්නේ. (අනතුරු ඇඟවීමක් නොවේ අවවාදයක් පමණි)
මේ රටට මොකක්ද වෙලා තියෙන්නේ රටේ සුළුජාතීන් මඩවන්නම කාලය යොදවනවා මිස තම ජාතියට වෙන්නේ මොකක්ද කියලා බලන්න කිසිවෙකුටත් වෙලාව නැහැවගේ. මෙහෙම ගියොත් පෙරුම්පුරපු කන කැස්බෑවට වෙච්ච දේ තමයි රටේ මහා ජාතියට වෙන්නේ. (අනතුරු ඇඟවීමක් නොවේ අවවාදයක් පමණි)
උපුටා ගැනීමකි. ..... (රංග ජයවර්ධන )නිදහස් මාධ්‍යවේදී
රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්රජාතන්ත්රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.
උපුටා ගැනීම - යහමග FB
දහතුන් වියැති බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ ගැබිණි සුලු මව කොටවෙහෙර. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය පවසයි.
ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර අලුත්ගම පදිංචි තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවද, පොලීසිය සඳහන් කරයි.
නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම පැමිණිලි බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.
වැඩි විස්තර - ලංකාදීප
මත් වී ශ්‍රී පාද වන්දනාවට ආ අයට වැඩ වරදී
වැඩි විස්තර - අද පත්තරය
සිසුවියක් අපයෝජනය කළ සාම විනිසුරු අත්අඩංගුවට
දෙවිනුවර පොදු වැසිකිලිය වෙත ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කළ බව කියන සාම විනිසුරුවරයෙකු අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
මාතර නගරයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය පාසල වෙත එන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ. පොදු වැසිකිලිය අසල රැකසිට ඇති සැකකරු එක්වරම ඇගේ කට වසා ගෙන අපයෝජනයට ලක් කර තිබෙන අතර ඒ සමඟම ඇය ඔහුගේ ග්රහණයෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු 55 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරිකයෙකු වන ඔහු සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය
වැඩි විස්තර - ලංකාදීප වෙබ් අඩවිය
වඳුරඹ ප්‍රදේශයේ විදුහලක 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අද(29)සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
මාස කිහිපයක් තිස්සේ මෙම සිසුවියන්ට අතවර කරන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරින් විදුහලට ගොස් සිසුවියන්ගේ සහ පන්ති භාර ගුරුවරියගේ ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
භාරදුන් දවසේ රාත්‍රියම පන්සලේ යම් තැනකට රැගෙන ගොස් ඒ දරුවාව බරපතල ලිංගික අතවරයක් සිදු කරලා තිබුණා එම විහාරාධිපති හිමි විසින්. ගලයාය පුරාණ මහ විහාරයට තමා ඒ දරුවාව භාරදීලා තියෙන්නේ. දැන් ඒ හිමි අත්අඩංගුවේ පසුවෙනවා
තව දුරටත් අදහස් දක්වමින් එම ඔහු ප්‍රකාශ කලේ එම විහාරාධිපති හිමිව මල්වතු මහා විහාර පාර්ශවයෙන් හා ශිෂ්‍යභාවයෙන් වසරේ දී ඉවත් කර ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් 2011 වසරේ එම ඉවත් කිරිම අනුමත කළ නමුත් ඒ හාමුදුරුවෝ එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ ශක්තිය සහ මුදල් බලය භාවිත කරමින් දිගටම එම පන්සලේ රැදී සිටි බවයි.
උපුටා ගැනීම - ජන යුගය වෙබ් අඩවිය
මට පහුගියදා එක්තරා මවක් ලිපියක් යොමු කර තිබුණා. මහණ කිරීම සදහා භාරදුන් දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්දයෙන්. මම ඒ පිළිබදව සොයා බලන්න මහව ප්‍රදේශයට ගියා. ඇත්තටම බරපතල ඛේදවාචකයක් එහි සිදු වෙලා තිබුණේ. අවුරැදු 11ක් වයස තමන්ගේ දරුවාව මහණ කිරීම සදහා ඇය විසින් මෙම ස්ථානයට භාරදී තිබුණා.
භාරදුන් දවසේ රාත්‍රියම පන්සලේ යම් තැනකට රැගෙන ගොස් ඒ දරුවාව බරපතල ලිංගික අතවරයක් සිදු කරලා තිබුණා එම විහාරාධිපති හිමි විසින්. ගලයාය පුරාණ මහ විහාරයට තමා ඒ දරුවාව භාරදීලා තියෙන්නේ. දැන් ඒ හිමි අත්අඩංගුවේ පසුවෙනවා
තව දුරටත් අදහස් දක්වමින් එම ඔහු ප්‍රකාශ කලේ එම විහාරාධිපති හිමිව මල්වතු මහා විහාර පාර්ශවයෙන් හා ශිෂ්‍යභාවයෙන් වසරේ දී ඉවත් කර ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් 2011 වසරේ එම ඉවත් කිරිම අනුමත කළ නමුත් ඒ හාමුදුරුවෝ එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ ශක්තිය සහ මුදල් බලය භාවිත කරමින් දිගටම එම පන්සලේ රැදී සිටි බවයි.
උපුටා ගැනීම - ජන යුගය වෙබ් අඩවිය
පසුගියදා අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූ ළමා අපචාර වීඩියෝව පිළිබඳව පැමිණිළි ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම ගැන තොරතුරු ඉල්ලා සිටීම සඳහා අද (24) දින ‘අලුත් පියාපත්‘ සංවිධානය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත තොරතුරු අයදුම්පතක් ගොනු කරන ලදී.
ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත්, අද දින ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.
කෙසේ වුවද, අපරාධකරු නීතිය හමුවට ගෙන එන තෙක් මෙම අරගලය දිගින් දිගටම ගෙන යන බව ප්‍රකාශ කළ අලුත් පියාපත් සංවිධානය, මුදල් බලයට යට නොවී ඒ සඳහා විශේෂයෙන් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගෙන් ද ඉල්ලා සිටී.
එමෙන්ම, වගකිව යුතු පුරවැසියන් ලෙස එම දැරියට යුක්තිය ඉටු කර දීමට මැදිහත් වන ලෙස ඔවුහු ප්‍රධාන මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ද ඉල්ලා සිටිති.
මේ වන විට ඉවත් කර ඇති බව සැලකෙන එම අන්තර්ජාල වීඩියෝව මාස එකහමාරකට අධික කාලයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ අතර, එයට එරෙහිව හඬ නැගූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේම ගිණුම් අත්හිටුවා ඇති බව ද දැකගත හැකි විය.
උපුටා ගැනීම - ColomboXnews
සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයා ලිංගික අපයෝජනය කල දැරිය සොයාගන්නට නැතිලු..! ළමාරක්ෂක අධිකාරිය නිහඩයි..! මැණික් ව්‍යාපාරිකයා තවමත් නිදැල්ලේ..!පසුගියදා අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූ ළමා අපචාර වීඩියෝව පිළිබඳව පැමිණිළි ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම ගැන තොරතුරු ඉල්ලා සිටීම සඳහා අද (24) දින ‘අලුත් පියාපත්‘ සංවිධානය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත තොරතුරු අයදුම්පතක් ගොනු කරන ලදී. ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත්, අද දින ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ වුවද, අපරාධකරු නීතිය හමුවට ගෙන එන තෙක් මෙම අරගලය දිගින් දිගටම ගෙන යන බව ප්‍රකාශ කළ අලුත් පියාපත් සංවිධානය, මුදල් බලයට යට නොවී ඒ සඳහා විශේෂයෙන් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගෙන් ද ඉල්ලා සිටී. එමෙන්ම, වගකිව යුතු පුරවැසියන් ලෙස එම දැරියට යුක්තිය ඉටු කර දීමට මැදිහත් වන ලෙස ඔවුහු ප්‍රධාන මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ද ඉල්ලා සිටිති. මේ වන විට ඉවත් කර ඇති බව සැලකෙන එම අන්තර්ජාල වීඩියෝව මාස එකහමාරකට අධික කාලයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ අතර, එයට එරෙහිව හඬ නැගූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේම ගිණුම් අත්හිටුවා ඇති බව ද දැකගත හැකි විය.
උපුටා ගැනීම - ColomboXnews
එහෙත් ඒ සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාධරයන් සහ නීතිවේදීන් පවසන්නේ එම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවයක් හෝ කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බවය.
විශේෂයෙන්ම 'බලපෑම්වලට යට වී පරීක්ෂණ යට ගසන' බවට ඔවුහු පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට චෝදනා කරති. ඒ අතර අපයෝජනයට එරෙහිව හඬ නැගූ පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බව තවත් චෝදනාවකි.
වැඩි විස්තර - BBC Sinhala
බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
වැඩි විස්තර - ලංකාදීප වෙබ් අඩවිය
වැඩි විස්තර - පෙරියමුල්ලේ හෝටලයක ගැටුමකින් සේවකයකු මරුට