
මෙම කථිකාව අප රට තුල පමණක් නොව ජාත්‍යන්තරය තුල ද මේ ආකාරයට ම පවතින ආකාරය මාධ්‍යයන් තුලින් අප විටින් විට දකින්නෙමු.
මෙම සංවාදය මුස්ලීම් නොවන සමාජය තුල පමණක් නොව මුස්ලීම් සමාජයේම විවිධ පිරිස් අතර ඇත. එම හිස් ආවර්ණයේ සීමාවන් පිලිබදව විවිධ සංවාද විවේචන මුස්ලීම් සමාජය තුලම ආගමික විද්පවතුන් අතර පවතී. මෙවන් අවදියක එම විෂය පිලිබදව පුළුල් සංවාදයක් ඇති කිරීමේ අරමුණින් සහ මුස්ලීම් හා මුස්ලීම් නොවන විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්ක විතර්ක විවේචන මොනවාද? යන්න හා මේ විෂය පිලිබදව කරන පැහැදිලි කිරීම් මොනවාද? යන්න එකම තැනක පෙලගැසීමේ අරමුණින් මෙම මණ්ඩපය මෙලෙස ඉදිරිපත් කරමි.