කොරෝනා රෝගය හා ශ්‍රී ලාංකීය ප්‍රජාව | Forum

Ibnu Saheer
Ibnu Saheer Mar 13 '20
ජාත්‍යන්තරයට ප්‍රබල තර්ජනයක් වී ඇති කොරෝනා වෛරස් රෝගයෙන් ශ්‍රී ලංකාවටද මිදීමට හැකි වී නැත. මේ වනවිට ශ්‍රී ලංකාව ද රෝගයට ගොදුරු වී ඇත. 

මෙම රෝගය සම්බන්ධ නවතම යාවත්කාලීනයන් හා එම රෝගයෙන් මිදීමට ශ්‍රී ලාංකිකයන් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද? යන්න පිලිබදව සමාජය දැනුවත් කිරීම මෙම ෆෝරමයේ (මණ්ඩපයේ) අරමුණයි.

The Forum post is edited by Ibnu Saheer Mar 16 '20
Share:
Ibnu Saheer
Ibnu Saheer Mar 13 '20
ලොවපුරා කොරෝනා වෛරසය මගින් සිදුවන හානිය හා එම රෝගීන්ගේ විස්තර නවතම යාවත්කාලීනයන් පහත වෙබ් අඩවිය මගින් ඔබට බලාගත හැක.


මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි.


වැඩි විස්තර සදහා පිවිසෙන්න - Worldometers

Ibnu Saheer
Ibnu Saheer Mar 13 '20
කොරෝනා ව්‍යාප්ත වීම වළක්වන්න සහය වන්නැයි රජයෙන් විශේෂ ඉල්ලීමක්


කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව දැනුම් දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11) නිකුත් කර තිබේ. ලෝකය පුරා රටවල් රැසක මේ වන විට වයිරසය ව්‍යාප්ත වී ඇති අතර එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් පළමු කොරෝනා රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. ඔහු 52 හැවිරිදි ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි. එම ශ්‍රී ලාංකියා ඇතුළු සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල නිවේදයේ දැක්වෙයි. ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කර ඇත. එහෙයින් කොරෝනා අවදානම නැති නැති කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට පූරණ සහය ලබා දෙන්නැයි විදේශගතව පැමිණෙන පිරිසගෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ රජය ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.


උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Mar 14 '20
කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 3 ක්


කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සිට සංචාර කර මෙරටට පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකි. අනෙක් පුද්ගලයන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි ලාංකිකයන් වන අතර ඔවුහු 43 සහ 37 හැවිරිදි වියේ පසුවෙති. මින් එක් අයකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් ගණන පස් දෙනෙකි.


Lankadeepa Web

Ibnu Saheer
Ibnu Saheer Mar 14 '20
‘කොරෝනා’ පිලිබදව විද්‍යාත්මක විමසුම


කාලීන වශයෙන් වැදගත් වූ මෙම විෂය සම්බන්ධයෙන් ආගමික හා විද්‍යාත්මක වශයෙන් වැදගත් කරුණූ කිහපයක් බුද්ධිමත් සමාජයේ අවදානයට ගෙන ආයුතුව ඇත. කවදත් බොරදියේ මාළු බාන ශ්‍රී ලාංකීය ඉස්ලාම් විරෝධීන් මෙම කොරෝනාව ද ආශිර්වාදයක් කොට ඉස්ලාමයට නොයෙක් විවේචන එල්ල කරමින් සිටී. ඔවුනට ද පිලිතුරු දීම අත්‍ය අවශ්‍ය වූවත් මෙම රෝගයේ ස්වභාවය හා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එයට ප්‍රමුඛතාවය ලබාදී මෙම වෛරසයේ ස්වභාවය, ක්‍රියාකාරීත්වය හා එයින් වැලකීමට ගතහැකි පියවර යන විද්‍යාත්මක කරුණු කාරණා මෙම ලිපියේ පලමු කොටස ලෙස මෙතැන් සිට ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට අදහස් කරමි...

#h#2#h#

සම්පූර්ණ ලිපිය කියවන්න - ‘කොරෝනා’ පිලිබදව විද්‍යාත්මක විමසුම

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
කොරෝනා ආසාධිත තවත් දෙදෙනෙක් හමුවේ


මෙරට තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඔවුන් දෙදෙනා ද ඉතාලියේ සිට පැමිණි අය බව අමාත්‍යවරිය කීවාය. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි


ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

#h#2#h#

 ඔහු මේ බව කියා සිටියේ අද (14) සවස මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ''මේ පිරිස ඉතාලියෙන් පිටවී තිබෙන්නේ බොරු කරලා. මෙහෙට ඇවිත් අපිටත් බොරු කිව්වා. තමන්ගේ රෝගී බව සඟවන්නටත් කටයුතු කළා. ප්‍රතිකාර අවශ්‍ය නැති බව පැවසුවා.'' ''මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ අය පවා අවදානමට ලක්වී තිබෙනවා'' යයි අනිල් ජාසිංහ මහතා පැවසීය.

#h#2#h#

 ''ඔවුන් රෝගී තත්ත්වයෙන් සිටිය දී ඉතාලියෙන් පිටවිය නොහැකි නිසා මිලානෝ නගරයේ සිට සැතපුම් 800ක් පමණ මෝටර් රථයකින් ගොස් කුඩා ගුවන් තොටුපොළකින් ගුවන් ගත වී මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් පැරසිටමෝල් පානය කර උණ බස්සගෙන තමයි මේ විදියට කිසිවෙකුටත් නොකියා හැමෝම නොමඟ යවමින් පැමිණ තියෙන්නේ'' ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. 

#h#2#h#

දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව'' ''ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ දී විරෝධයක් දැක්වූ නිසා බොහෝ දෙනකුට ඔවුන්ට කිට්ටු වීමට සිදුවුණා. ඉන් පසු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඊට ඇතුළු නොවී විරෝධයක් දැක්වූ නිසා එතැන දී නැවතත් අනෙක් අයට සිදුවුණා ඔවුන්ට සමීප වීමට'' ''වාසනාවකට මෙන් මේ 16 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිහින් තියෙන්නේ එකම බසයක. මේ වනවිට මොවුන් 16 දෙනා වෙන්කර තබාගන්න යුද හමුදාව කටයුතු කර තිබෙනවා." යැයි අනිල් ජාසිංහ මහතා පැවසීය.

#h#2#h#

උපුටා ගැනීම - ලංකාදීප වෙබ්

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
කොරෝනා ආසාධිතයකු කුරුණෑගලින් හමුවෙයි


කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට අද (14) යැවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
සඳුදා රජයේ නිවාඩු


කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්‍රියේදී එ් බව පැවසීය.  

#h#2#h#

මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද ලැබෙන බවත් ඇමතිවරයා පැවසීය. කොරෝනා වයිරසය (කෝවිඩ් - 19) පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් හෙට (ඉරිදා) හෝ අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.  

#h#2#h#

“කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීමට රාජ්‍ය ආයතන සූදානම් කිරීම සඳහා තමයි අපි මේ නිවාඩුව දෙන්නේ. මේ නිවාඩුව විනෝද සවාරි යන්න එහෙම නෙමේ...“

#h#2#h#

 “මේ වෙලාවේ කවුරු කවුරුත් වගකීමෙන් වැඩ කරන්න ඕනා“ යයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන රෝගීන් 110 දෙනෙකුට අධික පිරිසක් මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.


වැඩි විස්තර - සිරස වෙබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
කොරෝනා යැයි සැක 133 ක් රෝහල් 16 ක


කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 133 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 16 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

#h#2#h#

 ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වයිරසය අසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11 ක් වන අතර, ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු සහ චීන ජාතික කාන්තාව ඊට අයත් වේ.මේ අතුරින් චීන ජාතික කාන්තාව සුවය ලබා පිටත්ව ගියාය.

#h#2#h#

 වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ මෙම කරුණු දැක්වෙයි.

#h#2#h#

 ජාතික බෝවන රෝග විද්‍යායතනය, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහල යන රෝහල් 6 සඳහා මේ වන විට සැක සහිත රෝගීන් වැඩි වශයෙන් ඇතුළු කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

#h#2#h#

 ඒ අනුව මේ වන විට ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ සැක සහිත පුද්ගලයින් 45 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති. ඉන් 41 දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර සිව් දෙනෙක් විදේශිකයෝ වෙති.  

#h#2#h#

කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනකු , ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 13 දෙනකු ඇතුළත් කර සිටින අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත. ඉන් 14 දෙනකු ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් සිටී. පොළොන්නරුව මහ රෝහලට සැක සහිත පුද්ගලයින් 12 දෙනකු ඇතුළත් කර තිබේ.

#h#2#h#

 ඒ හැරුණු විට ශ්‍රී ලංකාව පුරා සෙසු රෝහල් 10 සිටින පුද්ගලයින් ද සමඟ වයිරසය ශරීරගත වී ඇත්දැක් පරීක්ෂණ සඳහා දිවයින පුරා රෝහල් වලට ඇතුළු වී සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 133 කි.


උපුටා ගැනීම - ලංකාදීප ෙවබ් අඩවිය

Ibnu Saheer
Ibnu Saheer Mar 15 '20
කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම නියැලුණු පුද්ගලයෙකු බවද හඳුනාගෙන තිබේ. මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල්ජාසිංහ මහතා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.
Ibnu Saheer
Ibnu Saheer Mar 16 '20
කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට


ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය. 


මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයින් බවත් මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීය.


 ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

Ibnu Saheer
Ibnu Saheer Mar 16 '20
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයින් තිදෙනකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. වයස අවුරුදු 13 ක ගැහැණු දරුවකු සහ අවුරුදු 50 ඉක්ම වූ පිරිමි පුද්ගලයින් දෙදෙනකු ඊට අයත් වේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21 කි.

Ibnu Saheer
Ibnu Saheer Mar 16 '20

#h#1#h#

Ibnu Saheer
Ibnu Saheer Mar 16 '20
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 26 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

Ibnu Saheer
Ibnu Saheer Mar 17 '20
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට


ආසාදිතයින් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. රෝගය ආසාදනය වූ එක් අයෙකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත් අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය. මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28 කි.

Ibnu Saheer
Ibnu Saheer Mar 17 '20
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට


Ibnu Saheer
Ibnu Saheer Mar 17 '20
කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 43 ක් වේ.
Ibnu Saheer
Ibnu Saheer Mar 18 '20
ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 51 


කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික  පුද්ගලයින් 8 දෙනකු අද(18)  හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

 ඊයේ දිනය වන විට  ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 43 කි. 

The Forum post is edited by Ibnu Saheer Mar 18 '20
Pages: 1 2 »

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics