කොරෝනා රෝගය හා ශ්‍රී ලාංකීය ප්‍රජාව | Forum

Ibnu Saheer
Ibnu Saheer Mar 18 '20

Quote from Ibnu Saheer ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 51 


කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික  පුද්ගලයින් 8 දෙනකු අද(18)  හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

 ඊයේ දිනය වන විට  ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 43 කි. 


ආසාදිත වූ පුද්ගයින් 19 දෙනාගෙන් එක් පුද්ගලයකු එක්සත් රාජධානියේ සිට පැමිණි අයකු වන අතර සෙසු පුද්ගලයෝ 18 දෙනාම ඉතාලියේ සිට පැමිණ නිරෝධායන කටයුතුවලට සම්බන්ධ වූ පිරිස බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
Ibnu Saheer
Ibnu Saheer Mar 19 '20
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (19) පැවසීය. මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 59 දක්වා ඉහළ ගොස් තිබේ. මැණික් ව්‍යාපාරිකයාගේ දියණියගේ ,බිරිඳ නිරෝධායන කඳවුරුවල සිටින දෙදෙනකු මෙම සිව් දෙනාට ඇතුළත් වේ. ඔවුන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙකි. කොරෝනා ආසාදිත පුද්ගලයින් ගත් විට ඉන් 81% ක ප්‍රමාණයක් පිරිමි පුද්ගලයින් බවත්, 19% ප්‍රමාණයක් කාන්තාවන් බවද අනිල් ජාසිංහ මහතා පැවසීය. රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Ibnu Saheer
Ibnu Saheer Mar 20 '20
ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 65 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් හය දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මේ වන විට කොරෝනා අසාදිත පුද්ගලයින් 65 දක්වා ඉහළ ගොස් තිබේ. (Lankadeepa)
Ibnu Saheer
Ibnu Saheer Mar 23 '20
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට - ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර,අද(23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.
Pages: « 1 2

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics