Jennifer Grout Recites Verses 285-286 of Surat-u-l Baqarah

ඉහත පාරායනයේ සිංහල පරිවර්ථනය පහතින්...

සිය රබ්(පරමාධිපති) වෙතින් තමා වෙත එවනු ලැබූ දෑ (මාර්ගෝපදේශය) පිළිබඳව ධර්මදූතයා විශ්වාස කරයි. තවද විශ්වාස කළ අයද (එය විශ්වාස කරති.) ඔවුහු සියල්ලෝම අල්ලාහ්, ඔහුගේ මලක්වරුන් ඔහුගේ දේව ග්‍රන්ථ හා ඔහුගේ රසූල්වරුන් විශ්වාස කරන්නාහුය. (ඔවුහු මෙසේද පවසති.) අපි ඔහු(අල්ලාහ්)ගේ රසුල්වරුන්ගෙන් කිසි කෙනකු අතර භේදයක් නොකරමු. තවද අපි (මාර්ගෝපදේශය) ඇසිමු. ඊට අවනතද වීමු. අපගේ රබ්(පරමාධිපති)යාණනි, ඔබගේ සමාව අපි අයදිමු. තවද ඔබ වෙතමය අපගේ යළි පැමිණීම යැයිද ඔවුහු පවසති. - (2-285)

කිසිඳු කෙනකුට ඔහුට දැරිය හැකි බරක් විනා වගකීමක් අල්ලාහ් නොදෙයි. (සෑම කෙනකුටම) ඔහු කරන හොඳ දෙය (සඳහා යහපත් ප්‍රතිඵල) ඔහුටය. ඔහු කරන නරක දේ (සඳහා අනිශ්ට විපාකද) ඔහුටමය. අපගේ රබ්(පරමාධිපතියාණනි), අපට අමතක වී හෝ අප වරදට වැටුණහොත් අපට ඒ පිළිබඳව දෝෂාරෝපණය නොකරනු මැනවි. අපගේ රබ්(පරමාධිපතියාණනි), අපට පෙර සිටි ඔවුන්ට ඔබ පැවරූ අන්දමේ බර, අපට නොපටවනු මැනවි. අපගේ රබ්(පරමාධිපතියාණනි) එය දැරීමට තරම් අපට ශක්තියක් නැති අන්දමේ බර අපට නොපටවනු මැනවි. තවද අප කෙරෙහි කරුණා කරනු මැනවි. අපට සමාවද දෙනු මැනවි. අපට දයාවද දක්වනු මැනවි. ඔබ අපගේ ආරක‍ෂකයාණෝය. එබැවින් ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව අපට පිහිට වනු මැනවි. (යනුවෙන් විශ්වාසවන්තයෝ ප්‍රාර්ථනා කරති.) - (2-286)

Share:

The Wall

No comments
You need to sign in to comment

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics