යහමග මෙහෙවරට ඔබත් එක්වන්න

ශ්‍රී ලංකාව තුල අභියෝගයන්ට හා විවේචනයන්ට නිතර ලක්වන දහමක් වේ නම්, ඒ ඉස්ලාම් දහම බව කණගාටුවෙන් වුවද මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතුය. ඉස්ලාම් දහම පමණක් නොව මුස්ලීම් ජනතාවගේ සංස්කෘතීන් පවා නිතර අභියෝගයට ලක්වීම වර්ථමානයේ මේ රට තුල සුලබව දකින්නට ඇති කාරණයකි. කලකට ඉහත එනම්, යහමග අඩවිය ආරම්භ කරන වකවානුවේ මේ රට තුල දක්නට ලැබුණේ ඉස්ලාමීය ඉගෙන්වීමන් නිසි අවබෝධයකින් තොරව විවේචනය කිරීමේ කලාවක් පමණි. නමුත් අද වනවිට එම තත්වය බොහොසේ වෙනස් වී ඇත. එදා පැවතී වාග් ප්‍රහාරයන් අභිබවා ගොස් අද මුස්ලීම් ජනයාට එරෙහිව ප්‍රහාරයන් දියත් කිරීම, සංවිධානාත්මක ලෙස මුස්ලීම් ව්‍යාපාරයන් බිඳදැමීම, දේපල විනාශ කිරීම, මුස්ලීම් ජනයාගේ සංස්කෘතික අයිතීන් හා ආගමික අයිතීන් උදුරාගැනීම... යනාදී ලෙස එදිරිවාදීකම් කෘර මුහුණූවරක් ගෙන ඇත. මෙහි භයානකම තත්වය වන්නේ මේ සියල්ල ඉතා සැලසුම් සහගතව සමාජයේ ප්‍රභූවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ ක්‍රියාත්මක වීමයි. 

මෙවන් වූ අවදියක් පසු කරන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන අප මෙවැනි ව්‍යාපාරයන් හමුවේ නිහඩව බලාසිටීම හෝ මේ සිදුවන සියල්ල තනි තනි සිද්ධීන් ලෙස සලකා නිහඩවීම කිසිසේත් නොකලයුතුය. මේ සියල්ල ඉතා සැලසුම් සහගතව සිදුවන සිද්ධීන් බව හොදින් අවබෝධ කරගතයුතුය. ඒ සමඟ ම මුස්ලීම් සමාජය මේ සියල්ල පිලිබදව අවදියෙන් තැබිය යුතුය. එහි පලමු පියවර ලෙස,

 

  • > ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනයාට එරෙහිව ක්‍රියාත්මක ව්‍යාපාරයන් සමාජයට අණාවර්ණය කලයුතුව ඇත.
  • > මුස්ලීම් ජනයාට එරෙහිව දියත්වන සියළු ව්‍යාපාර පෙලගැසීම කලයුතුව ඇත.
  • > මේ එදිරිවාදීකම්වල ස්වභාවය හා එම එදිරිවාදීකම් කරන පිරිසගේ ක්‍රියාකලාපයන් පිලිබදව මුස්ලීම් සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුව ඇත.
  • > ඔවුන්ගේ උපාය මාර්ගයන් සමාජයට අණාවර්ණය කලයුතුව ඇත.
  • > මේ එදිරිවාදීන් ජාතික ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්‍රියා කරන නිසා මුස්ලීම් ජනතාව දැන්වත් සාමුහික ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවයක් ඇත.
  • > විවිධ ප්‍රදේශවල ජීවත් වන මුස්ලීම් ජනතාව එදිනෙදා මුහුණපාන ගැටළු ඔවුන් සමඟ හුදෙකලා නොකොට එයට සාමුහික මැදිහත්වීමක් සිදුකොට ඉතා හොඳ සාකච්චා මණ්ඩපයක් ඒ සදහා නිර්මාණය කලයුතුව ඇත.
  • > මුස්ලීම් සමාජය තුල පලකට නැති කල්ලි කණ්ඩායම්වලින් එහා ගිය ජාතික සමඟියක් හා සහෝදරත්ව බැඳීමක් ගොඩනැඟිය යුතුව ඇත.

 

මෙවැනි මූලික ඉලක්ක ජයගැනීමට නම් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව එකම අරමුණක් ඔස්සේ පෙලගැසිය යුතුව ඇත. එම මෙහෙවර සදහා යහමග පියවරක් ඉදිරියට තබා “ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ශක්තියක් වන්නට එන්න අපි යමක් කරමු.“ යනුවෙන් ඔබ සියළුදෙනාට ආරාධනා කරමි. එය හුදෙක්...

 

  • > වෙබ් ලිපියක් ලිවීම,
  • > වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම,
  • > පිංතූරයක් ඉදිරිපත් කිරීම,
  • > විවිධ මතවාද සංවාදයට බඳුන් කිරීම,

 

වැනි සරල කාරණා කිහිපයකට පමණක් සීමා වූ මෙහෙවරක් විය නොහැක. මේ මෙහෙවර ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ශක්තියක් වන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන්ට ප්‍රතිරෝධයක් වන ශක්තිමත් ව්‍යාපාරයක් බවට එය පරිවර්ථනය කලයුතුව ඇත. මේ මෙහෙවර සාර්ථක කරගැනීමට රටේ නන්දෙසින් සහයෝගය හා දායකත්වය අවශ්‍ය වේ. ඒ සදහා ඔබත් ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමට අදහස් කරන්න/span>ේේ නම් යහමග සමඟ ඔබත් අත්වැල් බැඳගන්න.

ඒ සදහා ඔබ පලමුව කලයුතු වන්නේ ඔබේ සක්‍රිය ඊමේල් ලිපිනය යහමග වෙත යොමු කිරීමයි. ඉන්අනතුරුව ඔබට ලැබෙන ඊමේල් පණීවුඩය ඔස්සේ මෙම අඩවියට ලියාපදිංචි වී අපගේ මෙහෙවරට ඔබටත් සක්‍රිය දායකත්වය ලබාදිය හැක. එවන් වූ උතුම් මෙහෙවරට නැවත වරක් ඔබව ආරාධනා කරමින් මෙම සටහන නිමා කරමි.

 

ඔබගේ ඊමේල් ලිපිනය යැවියයුතු ඊමේල්/දුරකථන ලිපිනය පහතින් දැක්වේ.

Welcome

ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව හෙළ බසින් සරල අවබෝධයක් ලබාදීම ඇමුණු ‍පෙරදැරිව 2009 වර්යෂයේ යහමග වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.
එසේ ඇරඹු මෙම අඩවියේ අරමුණු හා ක්ෂේත්‍රයන් පුළුල් කරමින් ද, ඊට සරිලන ආකාරයට වෙබ් අඩවියේ මුහුණුවරයන් වෙනස් කරමින් ද අද මේ දක්වා පැමිණ ඇත.

යහමග - සමගාමි වෙබ් අඩවීන්...


Blogs

Ibnu Saheer
පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු බොහෝ... more
Ibnu Saheer Jul 25 '20
Ibnu Saheer
ජාතිවාදී ඔවුන්...පුලපුලා බලාසිටී ඒ මොහොත උදාවුණි. ... more
Ibnu Saheer Mar 29 '20
Ibnu Saheer
මීට සියවස් 14කට පෙර මැදපෙරදිග කාන්තාරයක ජීවත් වූ න... more
Ibnu Saheer Mar 19 '20

Forum Topics